එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/10/2010

ගමක නමක් 11.

අද මම ඉදිරිපත් කරන්න යන්නෙ, රූප සටහන් 3 කින් ගම් 3ක්. මේ ගම් 3 ම ලේසි නිසා; මම හිතුව 3 ම එකට ඉදිරිපත් කරන්න.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.




කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/09/2010

පොඩි තල්ලුවක් දෙමුද?

මේ ප්ලයිට් එක චීන එකක්. අපිට මේකෙන් ලොකු පාඩමක් කියල දෙනව. ඒ තමයි "එකමුතු කම". ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕනනම් මෙතනින් ගිහින් බලන්න.

ගමක නමක් 10.

මම මුලින් ඉදිරි පත් කල හම එහෙකම තිබුනෙ ඉඟි දෙකක් හෝ තුනක් පමනයි. ඒත් ගමක නමක් 10 ට මම තෝර ගත්ත ඉඟි හතරක එකක්.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8/08/2010

ගමක නමක් 9.

මම මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ, ඉතාලි වෙලාවෙන් රෑ 10.45 ට. ඒකියන්නෙ ලංකවෙ වෙලාවෙන් රෑ 2.15 ට. මම මේවට කමෙන්ට් දාන ක්‍රමය වෙනස් කලා. ඒ කියන්නෙ, කමන්ට් මොදරේෂන් කරලයි තියෙන්නෙ. ඔයාලට තියෙන්නෙ වෙනද විදිහට පිලිතුරු ඉදිරිපත් කරන්නයි. මම ආයෙත් සටහන් කරන්නම් මේක වෙන්නෙ කොහොමද කියල. ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

තව දෙයක්, කමෙන්ට් මොඩරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහායි.

ගමක නමක් 8.

මේකනම් ලේසි ඇති. "ගමක නමක්" මාතෘකාව යටතේ දිගටම ලිපි ඉදිරිපත් කරන එකට හේතුවක් තමයි, මේකට හොඳ ප්‍රතිචාර තියනව. මුලින් ඒවට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුනත්, දැන් දැන් අඩුවේගන යනව. කෙසේ වෙතත් මා සමග ඉන්න ඔයාල ඔක්කමටම ස්තූතියි. මේකටත් උත්සහයක් දීල බලන්න.

ගමක නමක් 7.

ගමක නමක් 7 ත් ඉදිරිපත් කරන්නයි යන්නෙ. හැබැයි ඒක ගමක් නෙමේ ගම් දෙකක්. ඒකට හේතුව තමයි. මේ ගම් දෙකේම තියන ඉඟි වලින් යම් ඉඟියක් මීට කලින් එකක සටහන් වෙලා තිබීමයි. ඉතින් මේක විසඳන ආකාරය මීට කලින් ගැටලු වලදි සඳහන් කරල තියනව. ඔයාලට අපැහැදිලිනම්, මෙතනින් ගිහින් බලන්න. වෙනද වගේම උත්සහ කරල බලන්න.

8/06/2010

ගමක නමක් 6.

ඔන්න තවත් ගමක්. අංක 6, මීට කලින් එක ටිකක් විතර අමාරු උනා. ඒකට හේතුව මම හිතන්නෙ, ඒ ගම භාවිතයෙ අඩු නිසා වෙන්න ඇති. කෙසේ වෙතත්. කට්ටිය උත්සහ කරල තිබුන. විශේෂයෙන් අරුණ පලමුවෙන් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කලා. පුබුදුටත් මගේ ස්තූතිය. මේකත් උත්සහ කරල බලන්න.

ගමක නමක් 5.

"ගමක නමක්" ලිපි වලට වැඩි ඉල්ලුමක් තියන නිසා. මම එහි අංක 5 ත්; ඔයාලට අරගෙන ආව. මට හිතෙන හැටියට මේක ටිකක් අමාරුයි වගේ. උත්සහ වන්තය ජය ගනී කියල කතාවක් තියනවනෙ. ඒ නිසා උත්සහ කරල බලන්න.

8/05/2010

ගමක නමක් 4.

අද මම අරගෙන ආවෙ ගමක නමක් 4 වන කොටස. මේකත් ගමක්. ඔයාලට තියෙන්නෙ, පසුගිය කොටස් වල මෙන්, ඉහත රූප සටහනේ රවුම් තුල ඇති දෑ වලට අර්ත දැක්වීමක් දෙන්න. ඔයාල මේකත් උත්සහ කරල බලන්න. වැරදි අඩුපාඩු ඇත්නම් පෙන්නල දෙන්න.

8/03/2010

"හංගපු දේවල් ගොඩයි, හොයමුද?" ට පිලිතුරු.

"හංගපු දේවල් ගොඩයි, හොයමුද?" යන්නෙන් ලිපියක් ඉදිරිපත් කලා ඔයාලට මතක ඇති. එම ලිපියෙන් අහපු පැනයට පිලිතුරු මම මේ ලිපියෙන් ඉදිරිපත් කරමි. මෙහි ඉහලින් ඇති පලමු රූපය, පැනයට අදාල රූපයයි. දෙවන රූපය, පිලිතුරු සහිත රූපයයි. ඔයාලට තේරුම් ගැනීමට පහසු නිසා, විස්තර ඉදිරිපත් නොකරමි. මගේ ලිපි කියවූ ඔබ සමට ස්තූතියි.

8/02/2010

මෙහෙම තියෙද්දි කොහොමද මේව කන්නෙ, නේද?

කොමඩු ගෙඩියෙන් නිර්මාණය කල, කලාත්මක කැටයම් සහිත ෆොටෝ කීපයක් තමයි අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ. බලන්න කොහොමද කියල. ලස්සනයි නේද?

7/31/2010

ගමක නමක් 3. ඒත් ගමක් නෙමේ.

"ගමක නමක් 3" ට මම තවත් රූප සටහනක් අරගෙන ආවා. හැබැයි ගමක් නෙමේ. මේක ගොඩක් ලේසි හින්ද ඔයාලම හොයන්ඩ. මම මේක හදල මගෙ බිරිඳගෙන් ඇහැව්ව; මේක මොකක්ද කියල, එයා දඩස් ගාල උත්තරය කිව්ව. ඒක නිසා මම හිතනව, මේක හරිම ලේසියි කියල. මේකටත් උත්සහයක් දාල බලන්න.

7/30/2010

ගමක නමක් 2.

ඊයෙ මම ඔයාලට ඉදිරිපත් කලා ගමක නමක් කියන ගැටලුව. අද මම ඒකෙ 2 ඔයාලට ගෙනාව. මෙක ටිකක් අමාරුයි. ඔයාලට තියෙන්නෙ, ඉහත රූප සටහනේ රවුම් තුල තියන, දෙවල් වලට අර්තදැක්වීම් දෙන්න. ඔයාලගෙ අර්ත දැක්වීම් හරිනම්, අකුරු 5 ක ගමක් එන්න ඕන. වැරදි, අඩුපාඩු තියනවනම් සමාවෙන්න ඕන. උත්සහ කරල බලන්න.

7/29/2010

ගමක නමක්.


ඔන්න මම අදත් ඔයාලට අලුත්ම දෙයක් ගෙනාව. මේකත් මගේම සිතුවිල්ලක් අනුව මම නිර්මානය කරපු දෙයක්. මේකයි වැඩේ. ඔයාලට පේනව ඇති ඉහතින් ඇති රූප සටහන. එහි රවුම් තුල ඇති දේවල් ඔයාලට තිරෙන විදිහට මොනවද කියල ලියන්න. හරියට ලියවුනොත් (මැද අකුරත් සමග ) ගමක නමක් ඒවි. ඒ මොකක්ද? උත්සහ කරල බලන්න.

7/28/2010

හංඟපු දේවල් ගොඩයි. හොයමුද?

ඔන්න තවත් අයිටම් එකක්. බලන්න මේ චිත්‍රය දිහා ඔයාලට පෙනෙයි මේක සාමාන්‍ය චිත්‍රයක් විදිහට. නැහැ...... මේකෙ හැංගිච්ච දේවල් ගොඩක් තියනව. ම්..ම්... උදව්වක් කරනවද?... නැහැ. ඔයාල දකින දේවල් පමනක් ලියන්න. සමහර විට මම නොදැක්ක දේවලුත් ඔබ දකින්න පුලුවන්. බලමු අපි අන්තිමට මොනවද, තියෙන්නෙ කියල. එතෙක් ඔයාලට බාරයි.
(ඔයාලට වඩාත් පැහැදිලිව මෙය බැලීමට අවශ්‍යනම්, චිත්‍රය මත ක්ලික් කරන්න.)

7/27/2010

අලුත් දෙයක්, හොයමු බලන්න.

ඔන්න මම තවත් අලුත් දෙයක් අරගෙන ආවා. මේකනම් නිර්මානය කලේ මමමයි. මේක ඒතරම් අමාරු නෑ. මේකයි වැඩේ. ඔයාලට පුලුවන්ද බලන්න, මේ රවුම් තුල යම් කිසි දෙයක් සැඟවිල තියනව. එයින් පනිවුඩයක් දෙනව. මොකක්ද ඒ පනිවිඩය. උත්සහ කරල බලන්න. ස්තූතියි.

7/26/2010

මෙහි කුමක් තිබේද?

මෙම චායාරූපය බැලූ බැල්මට, සමහර අයට තිරස් ඉරි ගොඩක් පමනක් පෙනේවි. නමුත් මේ රූපය දිහා යම් වෙලාවක් බලා සිටීමේදී එක අවස්තාවක ඔබට පෙනේවි. මෙය තුල පිරිමියෙකුගෙ රූපයක් ඇති බව. එසේත් නොපෙනෙයිනම්; ඔබගේ අතක ඇඟිල්ලක්, මොනිටරයටත් ඔබගේ මූනටත් මැදින් ඔසවා ඇගිල්ල දෙස බලන ගමන් රූපය බලන්න. දැන් අනිවාර්යෙන්ම ඔබට පැහැදිලිව පෙනේවි.

7/23/2010

ලක්ෂ ගානක් පාඩු වුනේ නොසැලකිල්ල නිසාද?

මේ චායා රූපය පමණයි මට හොයාගන්න ලැබුනෙ. මේ ගැන විස්තර මට හොයාගන්න බැරි උනා. ඒක නිසා මෙම ගහ කඩා වැටුන එකක්ද, කපාපු එකක්ද කියා නිගමනය කිරීමට අමාරුයි. කෙසේ වෙතත් වාහනයේ අයිතිකරුට සෑහෙන පාඩුවක්. ඒ ඔක්කටම වඩා මේ වාහනය ඇතුලෙ කෙනෙක් හිටියනම් මොනව වෙන්න තිබ්බද?

7/22/2010

මෙහෙමත් දුම් පානය කරන අය ඉන්නවද?

මහෙමත් සිගරට් බීමක්. මේක මේ කෙනා වාර්තාවක් තැබීමට කල දෙයක් මම හිතන්නෙ. ඔයාලට කියන්න පුලුවන්ද මෙතන සිගරට් කීයක් තියනවද කියල.

ගනිතමය ගැටලුව 22

ඔන්න මම අද කාලෙකල පස්සෙ ගනිත ගැටලුවක් ඉදිරිපත් කරන්න යනව. මෙම ගැටලුව මීට කලින් පොඩ්ඩක් වෙනස් විඩිහකට අහස කරා බ්ලොග් එක කරන විදුල හසරංග ඉදිරිපත් කර තිබුන.
හරි දැන් මගෙ ගැටලුව ඉදිරිපත් කරන්නයි යන්නෙ. එක සමාන රත්තරන් බෝල 27 ක් තියනව ඉන් එකක් බරින් අඩුයි. ඒක බැලූ බැල්මට හොයන්න බෑ. ඒක හොයන්න ඉහත රූපයෙ තියන තරාදියක දාල කිරල බලන්න ඕන. මම අහන්නෙ බර අඩු රත්තරන් බොලය හොයාගන්න,
1 මේ තරාදියෙන් කී පාරක් කිරන්න ඕනද?
2 කිරන්නෙ කොහොමද?

7/19/2010

විලි වහගන්නවද? සංදර්ශනය කරගෙන යනවද?

ඔන්න මම අදත් ඔයාලට තවත් රූප රාමුවක් අරගෙන ආව. යතාර්තෙට මුහුන දෙන්න වෙන අවස්තාවක්. මේ වගේ තමා අපිට හදිසි අනතුරු සිදුවන්නෙ. අපි මේ දිහා බලා හිනා නොවී බුද්දිමත්ව හිතමු. ඔබට හිතෙන දැනෙන දේ, සටහන් කර යන්න.

7/18/2010

ෆෝන් එකේ ආරක්ෂාවටද? කරාඹුවක්ද?

මම ඔයාලට මේ වගේ රූප රාමු දෙකක් මීට කලින් ලිපි වලින් ඉදිරිපත් කලා. මේකත් ඒවගෙ අශාමාණ්‍ය රූප රාමුවක්. හැබැයි ඇත්ත. අමාරුවෙන්, කාලයක් උත්සහ කිරීමෙන් මේ වගේ හදාගන්න පුලුවන්. මට තියන ප්‍රශ්නය, ස්ටයිල් එකට පලඳින කරාඹුවක්ද? නැත්නම් ෆෝන් එක ආරක්ෂා කිරීමට ගත් උපාය මාර්ගයක්ද? මට හිතුන මේ සම්බන්දව පොඩි චන්දයක් දාන්න. මම ඉහත සඳහන් කල ක්‍රම දෙකෙන් ඔබට හිතෙන ක්‍රමය සටහන් කරන්න. චන්දය අනුව අපි බලමු මෙම රූප සටහනේ ඉන්න පුද්ගලය අදහස් කලේ කුමක්ද කියා. ස්තූතියි.

සපත්තුවක්, නෑ... ඩී.වී.ඩී ප්ලේයර් එකක්.

ඇත්තටම මේක ප්ලේයර් එකක්. මෙම ප්ලේයර් එකේ තියන වැඩකෑලි වලින් සමහරක් මේ. (CD, DVD, subwoofer ; AM/FM/XM radio, Ham radio,CB; CD-R/RW ; plays mp3, wmp, mpg, avi; ) හබැයි මේක කඩ වල ගන්නනම් තියනවද දන්නෙ නෑ.මොක උනත් ලස්සන නිර්මාණයක්. ඔයාට මොනවද හිතෙන්නෙ මේ ගැන.

7/17/2010

මේක "ෆුට්" සයිකලයක්ද?

මේ බලන්න. කාගෙ උනත් ලස්සන නිර්මාණයක්. මට හිතෙන හැටියට මේක නඩත්තු කරන්න, සාමාන්‍ය පා පැදියකට වඩා වියදමක් යයි. මොකද ටයර් ටියුබ් වලට යන වියදමට වඩා, සපත්තු කුට්ටම් 6 ක් ගන්න යන වියදම වැඩියිනෙ. ඔයාලගෙ අදහසුත්, මෙකට එකතු කරල යන්න. මරු භාන්ඩෙ නේද?

7/15/2010

ගෙම්බෙක්ද?, අශ්වයෙක්ද?


සති දෙකකින් විතර මම මේ ලිපිය ඔයාලට ගේන්නෙ. ඒකට හේතුව තමයි ගිය මම ගිය සතියෙ ලොකු වැඩකට අතගහල තිබුනෙ. මම කෙටියෙන් කියන්නම්කො විස්තරේ. ඉතාලියෙ වෙරෝන ශ්‍රී ලංකීය කිතුණු සංඝයෙ, දහම් පාසැලේ, ළමයි 17 දෙනෙක් ප්‍රතම වරට දිව්‍ය සත්ප්‍රසාදය ලැබුව. අපි ඒක ලංකාවෙ වගේ ලස්සනට කලා. දිව්‍ය පූජාවෙ ගායනා කරන ගීතිකාත් ඇතුල් කරල පොඩි පොතක් හැදුව. පොත් 200 ක් පමණ අච්චු ගැහැව්ව. මේ පොත් වල වැඩ තනිකර මගෙ අතින් උනෙ. පිටු නිර්මණය, ප්‍රින්ට් කිරීම, පොත් කැපීම, ආදී සියළුම වැඩ.ඉතින් මට මේකට සෑහෙන කාලයක් හා ශ්‍රමයක් වැය උනා.


ඒකෙන්, මේකෙන් මම ගෙනාපු වැඩ කෑල්ල අමතක වෙලා යනව. මේ පින්තූරයෙ ඉන්නෙ අශ්වයෙක්ද? ගෙම්බෙක්ද? ලස්සන නිර්මාණයක් නේද? කවුරු උනත් හොඳ නිරිමාණ කරුවෙක්. ඔයාල සියලු දෙනාටම ස්තූතියි.

7/03/2010

අරුම පුදුම කෙහෙල් කැනක්.

මෙන්න මම ඔයාලට ගමකට කන්න දෙන්න පුලුවන් කෙසෙල් කැනක් ගෙනාව. මෙක මම හොයාගත්තෙ මුහුනු පොතෙන්. මෙක ඉදුනහම ඔයාලටත් ඇවරිය, ඇවරිය එවන්නම්කො.ඒ එක්කම මේවටත් ගිහින්, උත්තර දෙන්න පුලුවන්ද?, බලන්නකො.

1. එකවර ගැටලු 2 ක්.
2. රාජාලියන් කීයක් ඉන්නවද?

7/02/2010

එකවර ගැටලු 2 ක්.


ඔන්න ඔයාලට අද මම ගැටලු 2 ක් අරගෙන ආව. මම ගොඩක් වල් වටාරන් නැතිව ප්‍රශ්ණ 2 ම ඉදිරිපත් කරන්නම්.


1. පලමු රූපයේ ගැහැණුන් කීයක් සිටීද?
2. ඊ ළඟ රූපයේ මුහුනු කීයක් තිබේද?


මෙම ගටලු 2 ට මෙන්ම, "රාජාලියන් කීයක් ඉන්නවද?" යන ගැටලුවටත් පිලිතුරු දීමට ඔබට තවම අවස්තාව තියනව. ස්තූතියි.

6/29/2010

රාජාලියන් කීයක් ඉන්නවද?

ඔන්න ඔයාලට තවත් රූප රාමුවක් රැගෙන මම ආව. පෙර පරිදි මෙම රූප රාමුවෙනුත්, මම ඔයාලගෙන් අහන්නේ. මෙහි රාජාලියන් කීයක් ඉන්නවද කියලයි. ඔයාලට දෙයක් තියනව කියන්න. මම මේ රූප රාමු සියල්ලම සයිබර් අවකාසේ ඇවිදල හොයාගත්තු ඒව.ඉතින් මේව මගෙ නිර්මාණ කියා වැරදි වැටහිඉමක් ඇතිකර ගන්න එපා. ස්තුතියි.

6/28/2010

"ගෝනන් කීයක් ඉන්නවද?" ට පිලිතුරු.

"ගෝනන් කීයක් ඉන්නවද?" ට පිලිතුරු මම මෙම රූප රාමුව තුලින් ඔබට ඉදිරිපත් කරමි. මීට වඩා යමක් ඔබ දකීනම්, එය පෙන්වීමට අවස්තාව ඔයාලට දැන් තියනව. තවද, මට වැරදුන තැන් හා අඩුපාඩුද පෙන්වාදීමට ඔබට පුලුවන. ස්තූතියි.

"වෘකයන් කීයක් ඉන්නවද?" ට පිලිතුරු.

"වෘකයන් කීයක් ඉන්නවද?" ට පිලිතුරු මම මෙම රූප රාමුව තුලින් ඔබට ඉදිරිපත් කරමි. මීට වඩා යමක් ඔබ දකීනම්, එය පෙන්වීමට අවස්තාව ඔයාලට දැන් තියනව. ස්තූතියි.

6/27/2010

ගෝන්නු කීයක් ඉන්නවද?


මම මීට පෙර ඉදිරිපත් කල "වෘකයන් කීයක් ඉන්නවද?" ට නිවැරදි පිලිතුරු ඊ ලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. ඔයාලට තාමත් අවස්තාව තියනව එයට
මෙතනින් ගොස් පිලිතුරු ඉදිරිපත් කරන්න. අද මම ඉදිරිපත් කරන්නෙ මේ රූප රමුවයි. ඔයාලට දැක්ක ගමන් තේරෙයි මම මොකක්ද අහන්න යන්නෙ කියල. මම අහන්නෙ මෙම රූප රාමුව තුල ගෝනුන් කීයක් ඉන්නවද? උත්සහ කරල බලන්න. ස්තූතියි.

6/25/2010

වෘකයන් කීයක් ඉන්නවද?

ඔන්න ඔයාලට, තවත් රූප රාමුවක් අරගෙන ආව. මෙම රූප රාමුව තුල වෘකයන් කීයක් සිටීද? පුලුවන්නම් හොයන්න. හැබැයි හිතුනු හිතුනු ගණන් කියන්න බෑ, හරිද? ට්‍රයි කරල බලන්න.

අශ්වයො කීයක් ඉන්නවද?" ට පිලිතුරු.

ඔන්න මම අශ්වයො කීයද; කියන ගැටලුවට පිලිතුරු රැගෙන ආවා. මට 13 ක් ආව. "සොඳුරු සිතත්ති" ට 14 ක් ඇවිත් තියනව. ඔන්න අවස්ථාව මට බරිවුන එක පෙන්නන්න. ස්තූතියි.

6/24/2010

ගණිතමය ගැටලුව 21 ට පිලිතුරු.

මෙයට, චානක අරුන මුනසිංහ නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර තිබුන. මම හිතන්නෙ එය ප්‍රමාණ්වත් කියා. ගැටලුවට මෙතනින් යන්න.

මේකෙ තියෙන්නෙ මොනවද?

මෙම රූප රමුවෙ, අපට පේන දර්ශණයට අමතර දෙයක් පෙන්නුම් කරනව. ඒමොකක්ද? හරිම ලේසියි නේද? "අශ්වයින් ගණන කීයද?" යන පැනයටත් තවම පිලිතුරු දීමට අවස්තාව තියනව. මෙතනින් යන්න.

6/23/2010

අශ්වයො කීයක් ඉන්නවද?

මෙම රූප රාමුව තුල අශ්වයන් කී දෙනෙක් ඉටීද?

6/22/2010

ගණිතමය ගැටලුව 21.

ගණිත ගැටලු ප්‍රිය කරන අයට, ඔන්න මම අදත් ගණිත ගැටලුවක් අරගෙන ආව. වැඩි විස්තර නැතිව අපි කෙලින්ම ගැටලුවට යමු. මම අද ඉදිරිපත් කරන්න යන ගැටලුව, අන්දරේගෙ කාලෙ වෙච්ච සිද්දියක්. ඔන්න ඔය කියන කාලෙ, රජ වාසලේ හරක් පට්ටියක් හිට්යලු. මේ ගැටලුවෙ හැටියට හරක් 32 ක්. ඉතිං මේ හරක් බලන මිනිහට රජ තුමා කියල තියෙන්න, ඉහත රූපසටහනේ ආකාරයට, කනු 8 ක හරක් 32 නා බඳින්න කියල.ඒකට හේතුව. හමදාම හවසට හරක් ටික ගෙනල්ල කනුවල බැන්දම, රජතුමා හරක් ගණිනව. හැබැයි ගනින්නෙ, 1 කනුවෙ සිට 1 2 3 කියන කනුවල 12 කුත්, 1 4 6 කියන කනුවල 12 කුත්, 8 කනුවෙ සිට 8 5 3 කියන කනුවල 12 කුත්, 8 7 6 කියන කනුවල 12 කුත්, එන ලෙසයි. ඉතින් දවසක් රජතුම හරක් ගණින ක්‍රමය අන්දරෙ දැක්ක. අන්දරේගෙ කපටි මොලයට නුවනක් ආව. අන්දරේගෙත් හරක් හතර දෙනෙක් ඉන්නව. උන්ට කන්න දෙන්නයි, සාත්තු කරන්නයි; වියදමකුත්, අමතර ශ්‍රමයකුත් වැයවන නිසා අන්දරේ කල්පනා කලා අන්දරේගෙ හරක් 4 දෙනත් රජතුමාගෙ කනුවල බඳින්න. පලමුවෙන්ම රජතුමාගෙන් හරක් බලන වැඩේ ඉල්ලගත්ත. ඊට පස්සෙ අන්දරේ මිනිහගෙ හරක් 4 දෙනත්, රජතුමාගෙ හරක් එක්කම බඳින්න ගත්ත. රජතුමා ගනින විදිහට 12 ක් එන්න ලෙස. හැබැයි එක කනුවක හතර ගානෙනම් නෙමෙයි. මම අහන්නෙ අන්දරේ හරක් 36 ක් මේ කනුවල බැන්ඳෙ (රජතුමා ගණින විට 12 ක් එන ලෙස ) කොහොමද? ඔයාලට පිලිතුරු දීමේදී කනුවෙ අංකයට අදාල හරක් ගණන ලෙස පිලිතුරු දිය හැකිය.

6/21/2010

"සතුන් කීයක් සිටීද?" පිලිතුරු.

මම මුලින්ම පලමු ප්‍රශ්ණයට පිලිතුරු දෙන්නම්. මෙම රූපයෙන් මනුෂ්‍යයකුගෙ මූනක් පෙන්නුම් කරයි. ඒක කාටත් පේනවනෙ. දෙවන හා තෙවන ප්‍රශ්ණවලට, මම ඒක විට මේ ලෙස පිලිතුරු දෙන්නම්.
1. ඇතා. (උඩින්ම )
2. ඉත්තෑව# (ඇතාගෙ බෙල්ල යට.)
3. සරපයෙක්# (ඇතාගෙ වලිගෙ ලඟ )
4. කුරුල්ලෙක්# (ඇතාගෙ හොඬට ඉදිරියෙන්)
5. ඩොල්ෆින්. (ඉත්තෑවට යටින්)
6. කටුස්සෙක් (ඇතාගෙ බඩට යටින්)
7. පලඟැටියෙක්. (රූපයෙ, දකුනු අත පැත්තෙ කන.)
8. මුහුදු ගල් මලක්# (පලඟැටියගෙ පපුව ඉදිරියෙන්)
9. කෑදත්තෙක්# (පලඟැටියටත්, ගල් මලටත් ඉදිරියෙන්.)
10. මුතු බෙල්ලෙක්. (රූපයෙ, දකුනු ඇස.)
11. ගිරවෙක්. (රූපයෙ, නහයෙ උඩ කොටස.)
12. තලගොයෙක්# (රූපයෙ, වම් අත පැත්තෙ උඩ ඇහිබම.)
13. ගොළු බෙල්ලෙක්. (රූපයෙ, වම් ඇස.)
14. නොදනී# (රූපයෙ, වම් ඇසට යටින්.)
15. නරිය. (රූපයෙ වම් කන.)
16. තල්මහ# (රූපයෙ වම් කම්මුල.)
17. කැස්බෑව# (තල්මහට උඩින්.)
18. හාව. (රූපයෙ, නහය.)
19. අශ්වය. (දකුනු පස ඇසට යටින්)
20. වානරය# (දකුනු පස කම්මුල.)
21. කොටිය (හාවට යටින්.)
22. කුරුල්ලෙක්# (රූපයෙ උඩ තොල.)
23. මොණරා (රූපයෙ නිකට.)
24. වලහ. (මොණරට යටින්.)
25. කැන්ගරු. (වලහගෙ වම් පසින්.)
මෙහි "#" යන ලකින යොදා ඇත්තේ, සතා හරියටම හඳුනා ගැනීමට අපහසු හෝ සතාගෙ නම නොදත් අවස්තා වලයි. මෙය බලා මට සහයෝගය දුන් ඔබ සැමට ස්තූතියි.

6/20/2010

මෙම රූපයේ සතුන් කීයක් සිටීද?






















අද ඉරිද. මම හිතනව, අද ගොඩක් දෙනෙක් සයිබර් අවකාශෙ සැරිසරන දවස කියල. ඒ නිසා අද මම මෙම ප්‍රශ්ණයට වැඩි පිලිතුරු ප්‍රමානයක් බලාපොරොත්තු වෙමි. කලාව කියන්නෙ හරිම සුන්දර දෙයක්, එය විඳින කෙනාගෙ මනසෙ ස්වබාවය වෙනස් කිරීමට තරම් කලාවට පුලුවන්. උදාහරනයක් හැටියට, ළමයෙක් නිකම්ම තොටිල්ලක දාල නිදි කරනවට වඩා; දරු නැලවිලි ගීයක් කියා ඒ ළමයව ඉක්මනින්ම නිදිකරවන්න පුලුවන්.
ම්...... කතාව විතරයිනේද?
හරි මම දැන් ප්‍රශ්ණයට බහින්නම්. ඉහත තියන රූපයෙන් මම ප්‍රශ්ණ කීපයක් අහනව. හරිම ලේසියි. ඔයාලට තියෙන්නෙ ඒවට පිලිතුරු සපයන්න.
1. මෙම චිත්‍රය ඇන්ද කෙනා, පෙන්නන්න උත්සහ කරන්නෙ කුමක්ද?
2. මෙම චිත්‍රයේ සතුන් කීදෙනෙක් සිටීද?
3. සතුන්ගේ නම් ආසන්න වශයෙන් සදහන් කරන්න.
ගැටලුව වැටහුනානම් උත්සහ කර බලමු, ස්තූතියි.