
මුලින්ම මම පැනයට පිලිතුරු ඉදිරිපත් කරන්නම්.
පලමු දාදු කැටය = 0 1 2 6/9 7 8, මෙහි 6=9 උඩ යට මාරු කල පසු
දෙවන දාදු කැටය = 0 1 2 3 4 5
කැලැන්ඩරය සාදා ගැනීම සඳහා, ඉහත රූපයෙ පරිදි, ලී වලින් දාදු කැට සහ එය බහාලන පෙට්ටියද, මාස සටහන් කරන කැට තුනද, සාදා ගැනීමට පුලුවන. (ඔයාලට පේනව ඇති කැට වලට යටින් jennaio ලෙස ජනවාරි මාසය පෙන්නුම් කරනව. ඒ වගේ පැති 4 කින් සමන්විත, කැටතුනක් සාදා ගැනීමෙන් මාස 12 මාර්ක් කර ගන්න පුලුවන්.)
එසේ නැතිනම් පහලින් ඇති රූපය කාඩ් බෝඩ් එකක් මත ඇඳ ගැනීමෙන් එම දාදු කැට දෙකද. ඒවා බහාලන පෙට්ටියද, මාස සටහන් කරන කැටද, ඔබේ දක්ෂතාවය අනුව කඩ් බෝඩ් වලින් සාදා ගත හැක. තවද මෙහි අංක හා මාස ඔබට කමති වර්ණයකින් ලියා ලස්සන දින දසුනක් සාදා ගැනීමට පුලුවන්.
