එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/31/2010

ගමක නමක් 3. ඒත් ගමක් නෙමේ.

"ගමක නමක් 3" ට මම තවත් රූප සටහනක් අරගෙන ආවා. හැබැයි ගමක් නෙමේ. මේක ගොඩක් ලේසි හින්ද ඔයාලම හොයන්ඩ. මම මේක හදල මගෙ බිරිඳගෙන් ඇහැව්ව; මේක මොකක්ද කියල, එයා දඩස් ගාල උත්තරය කිව්ව. ඒක නිසා මම හිතනව, මේක හරිම ලේසියි කියල. මේකටත් උත්සහයක් දාල බලන්න.

7/30/2010

ගමක නමක් 2.

ඊයෙ මම ඔයාලට ඉදිරිපත් කලා ගමක නමක් කියන ගැටලුව. අද මම ඒකෙ 2 ඔයාලට ගෙනාව. මෙක ටිකක් අමාරුයි. ඔයාලට තියෙන්නෙ, ඉහත රූප සටහනේ රවුම් තුල තියන, දෙවල් වලට අර්තදැක්වීම් දෙන්න. ඔයාලගෙ අර්ත දැක්වීම් හරිනම්, අකුරු 5 ක ගමක් එන්න ඕන. වැරදි, අඩුපාඩු තියනවනම් සමාවෙන්න ඕන. උත්සහ කරල බලන්න.

7/29/2010

ගමක නමක්.


ඔන්න මම අදත් ඔයාලට අලුත්ම දෙයක් ගෙනාව. මේකත් මගේම සිතුවිල්ලක් අනුව මම නිර්මානය කරපු දෙයක්. මේකයි වැඩේ. ඔයාලට පේනව ඇති ඉහතින් ඇති රූප සටහන. එහි රවුම් තුල ඇති දේවල් ඔයාලට තිරෙන විදිහට මොනවද කියල ලියන්න. හරියට ලියවුනොත් (මැද අකුරත් සමග ) ගමක නමක් ඒවි. ඒ මොකක්ද? උත්සහ කරල බලන්න.

7/28/2010

හංඟපු දේවල් ගොඩයි. හොයමුද?

ඔන්න තවත් අයිටම් එකක්. බලන්න මේ චිත්‍රය දිහා ඔයාලට පෙනෙයි මේක සාමාන්‍ය චිත්‍රයක් විදිහට. නැහැ...... මේකෙ හැංගිච්ච දේවල් ගොඩක් තියනව. ම්..ම්... උදව්වක් කරනවද?... නැහැ. ඔයාල දකින දේවල් පමනක් ලියන්න. සමහර විට මම නොදැක්ක දේවලුත් ඔබ දකින්න පුලුවන්. බලමු අපි අන්තිමට මොනවද, තියෙන්නෙ කියල. එතෙක් ඔයාලට බාරයි.
(ඔයාලට වඩාත් පැහැදිලිව මෙය බැලීමට අවශ්‍යනම්, චිත්‍රය මත ක්ලික් කරන්න.)

7/27/2010

අලුත් දෙයක්, හොයමු බලන්න.

ඔන්න මම තවත් අලුත් දෙයක් අරගෙන ආවා. මේකනම් නිර්මානය කලේ මමමයි. මේක ඒතරම් අමාරු නෑ. මේකයි වැඩේ. ඔයාලට පුලුවන්ද බලන්න, මේ රවුම් තුල යම් කිසි දෙයක් සැඟවිල තියනව. එයින් පනිවුඩයක් දෙනව. මොකක්ද ඒ පනිවිඩය. උත්සහ කරල බලන්න. ස්තූතියි.

7/26/2010

මෙහි කුමක් තිබේද?

මෙම චායාරූපය බැලූ බැල්මට, සමහර අයට තිරස් ඉරි ගොඩක් පමනක් පෙනේවි. නමුත් මේ රූපය දිහා යම් වෙලාවක් බලා සිටීමේදී එක අවස්තාවක ඔබට පෙනේවි. මෙය තුල පිරිමියෙකුගෙ රූපයක් ඇති බව. එසේත් නොපෙනෙයිනම්; ඔබගේ අතක ඇඟිල්ලක්, මොනිටරයටත් ඔබගේ මූනටත් මැදින් ඔසවා ඇගිල්ල දෙස බලන ගමන් රූපය බලන්න. දැන් අනිවාර්යෙන්ම ඔබට පැහැදිලිව පෙනේවි.