එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/30/2010

කරන්න බැරි දේවල් කිරීම.




මේකනම් මාරයි, ඇත්තටම දක්ෂයෙක්. මොහුගෙන් අපේ ජීවිත වලට ඉගන ගන්න ගොඩක් දේවල් තියනව. මට හිතිච්ච දෙයක් තමයි, ආත්ම විස්වාසය, උනන්දුව හා උත්සාහය තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. ඔයාල බලලම තේරුම් ගන්නකො.
නිවේදනයයි...........
මෙම වීඩියෝ එක බලා, අත්හදා බැලීමට ගොස්, සිදුව අප උපද්‍රාවකට හෝ වෙනයම් අලාබ හානියකට මා විසින් වග කියනු නොලැබේ.

ගනිතමය ගැටල්ව 14

මේකයි ගැටලුව; මට මේ ලගදි මගෙ යාළුවෙක් මුන ගැහුන. එයා වැඩ කරන්නෙ එලවළු, පලතුරු කඩේක. ඒ කඩේ තොග බඩු කඩයක්. එලවළු පලතුරු පෙට්ටි ගනන් විකුනන්නෙ. ඉතින් මගෙ යාළුවත් වැඩ ඇරිල ගෙදර යන ගමන් පලතුරු, එලවළු කෙස් අඩුවට අරගෙන ගිහින්, අපේ අයට විකුනනව. (මම මේ කියන්නෙ ඉතාලියෙ වෙරෝන නගරය ගැන.) දවසක් මෙයා, ඇපල් දුසිමක පෙට්ටියක් එවුරො 2.40 බගින්ද, දොඩම් දුසිමක පෙට්ටියක් එවුරො 3.00 බැගින්ද, ඇපල් හා දොඩම් එවුරො 14.00 කට මිලට ගෙන තියනව. ඒවා ඔහු ඇපල් ගෙඩිය සත (චෙන්තේසිමි ) 30 බැගින්ද, දොඩම් ගෙඩිය සත (චෙන්තේසිමි ) 40 බැගින්ද, අපේ අයට විකිනීමෙන් එවුරො 7.60 ක ලාභයක් අරගෙන තියනව.

දැන් මගේ ප්‍රශ්ණය අහනව.
ඔහු මිලදීගත් දොඩම් හා ඇපල් ප්‍රමාණය කොපමනද?
ඔයාල දන්නවනෙ, වෙනද වගේම පිලිතුර සමග ඔයාලට කැමති දෙයක් ලියල යන්න.

4/28/2010

3 ඩී ඇනිමේෂන් ගේමක්

මට මරු ගේම් එකක් හම්බ උනා. ඔයාලත් සෙල්ලම් කරල බලන්න. මේක අනිත් ගේම් වගේ ගොඩක් බර නෑ. සැහැල්ලු ගේම් එකක්. ඔන් ලයින් සෙල්ලම් කරන්න පුලුවන් කිසි අමාරුවක් නැතුව. මගෙ සයිඩ් එකේ හෙඩින් එකට පහලින් ලින්ක් එකක් තියනව, නැතන්ම් මෙතන ඔබන්න.

සෙල්ලම් කලා වගෙ නෙමේ හොඳ නරක කියල යන්න හොදේ.

4/26/2010

ගනිතමය ගැටලුව 13

මම අද ඉදිරිපත් කරන්න යන්නෙ. මගෙ යාළුවෙකුට වුන කරදරයක් සම්බන්දවයි.
මේකයි වුනේ. යාළුවගෙ ගේ හදල තියෙන්නෙ, හතරමං හන්දියක, ඉඩමෙ දෙපැත්තකටම පාරවල් එන විදිහට , සෘජු කෝණාස්‍ර ඉඩමක. ඉතින් දවසක් ,රජයෙන් පාරවල් පළල් කරන්න යනව කියල; ඉඩමෙ පාරට අහුවෙන පැති දෙකෙන්ම මීටර් 2 ගානෙ රජයට ගන්නව කියල, එය වර්ග මීටර් 96 ක් ලෙස ගණන් හදල තිබුන. ඒකට අලාභය ගෙවනවකියලත් තිබුන. කොහොම හරි එයා උසාවිගානෙ ගිහින් උසාවියෙන් නියෝගයක් ලැබුන. එයාගෙ ඉඩමට යාව තියන ඉඩම් රජයෙ. ඒ ඉඩම් වලින්, යාළුවගෙ ඉඩමෙ පාරවල් වලට අසු නොවන අනිත් පැති දෙකෙන් පළල පැත්ත මීටර් 3 ක්ද, දිග පැත්ත මීටර් 4 ක්ද, ගානෙ ඉඩමට යාකරන්න. ඒක එයාගෙ තිබුන ඉඩමෙ වර්ග පලයට වඩා, වර්ග මීටර් 72 ක් වැඩියි. කොහොම හරි අකරතැබ්බිය වාසියට හැරුන.

මේකයි මගෙ ප්‍රශ්ණය. ඔහුගේ මුලින් තිබූ ඉඩමේ දිග පළල කීයද?

මෙහි ඔබට නොතේරෙන යමක් තියනවනම් එයද? වෙනදාමෙන් ඔබලට කැමති දෙයක්ද මෙහි ලියා යන්න. ස්තූතියි.

4/25/2010

විසිතුරු කඩදාසි බෝලයක් හදාගමු.



මේ වීඩියෝ එකෙන් අපිට විසිතුරු කඩදාසි බෝලයක් හදාගන්න හැටි පැහැදිලි කරනව. මෙය හරියටම පැහැදිලි වෙන්නනම්, ඉවසීමෙන් දෙපාරක් තුම්පාරක් විතර බලන්න වෙනව. මමනම් මේක හැදුව. ඔබත් උත්සහ කරල බලන්න.

මේක කරල ඔබත් විනෝද වෙන්න. අමත්ක කරන්න එපා, මමත් ඉන්නව.