එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/08/2010

අමුතු තාලෙ ගැටලුවක් 2


මේ තියෙන්නෙ ආදේශකය.

මම මේ ක්‍රමයටම ගැටලුවක් ඉදිරිපත් කලා. එහි මෙය විසඳන ආකාරය සඳහන් කලත්, ඔබේ පහසුව තකා නැවත ඉදිරිපත් කරමි. මේක විසඳන්නෙ මෙහෙමයි. ඔබට පේනව ආදර්ශක රූප සටහනෙ එක් එක් අකුරට යටින් සංකේතයක් යොදල තියනව. දැන් ඒ ඒ සංකේතයට අදාල අකුරු මතක තබා ගනිමින්, ඊට පහලින් තිබෙන සංකේත වලින් කියවෙන සිංහල වාක්‍ය මොකක්ද?, කියා ඔබ සෙවිය යුතුයි. හැබැයි මේකට යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කලරන්න වෙනව. තවත් පැහැදිලි කරනවනම්, ඉහලින් ඇති සංකේත වලට අදාල ඉංග්‍රීසි අකුරු ටික යුනකෝඩ් පුවරුවෙ ටයිප් කිරීමෙන් ලැබෙන, සිංහල වාක්‍ය තමයි මට අවශ්‍ය කරන පිලිතුර.ඇඩ්මින්ගේ ඉල්ලීම මත මෙම ගෙටලුව ඉදිරිපත් කරමි.

5/05/2010

අමුතු තාලෙ ගැටලුවක්


මේ තියෙන්නෙ ආදේශකය.

මේකට අපි ගැටලුවක් කියමු. මේක විසඳන්නෙ මෙහෙමයි. ඔබට පේනව ආදර්ශක රූප සටහනෙ එක් එක් අකුරට යටින් සංකේතයක් යොදල තියනව. දැන් ඒ ඒ සංකේතයට අදාල අකුරු මතක තබා ගනිමින්, ඊට පහලින් තිබෙන සංකේත වලින් කියවෙන සිංහල වාක්‍ය මොකක්ද?, කියා ඔබ සෙවිය යුතුයි. හැබැයි මේකට යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කලරන්න වෙනව. තවත් පැහැදිලි කරනවනම්, ඉහලින් ඇති සංකේත වලට අදාල ඉංග්‍රීසි අකුරු ටික යුනකෝඩ් පුවරුවෙ ටයිප් කිරීමෙන් ලැබෙන, සිංහල වාක්‍ය තමයි මට අවශ්‍ය කරන පිලිතුර.
හරි දැන් ඔයාලට පැහැදිලි ඇතිනෙ වැඩේ. බලමු කට්ටියගෙ ප්‍රතිචාර කොහොමද කියල.

5/04/2010

20 යි 20 ක්‍රිකට් තරඟ සජීවීව නරඹන්න.

ඔන්න අද මම අරගෙන ආව 20 යි 20 ලෝක කුසලාන තරඟාවලිය සජීවීව නරඹන්න වීඩියෝ එකක්. හැබැයි මම මේක දැම්මෙ පෝස්ට් එකක් හටියට නෙමේ. බලන්න හොඳද කියල. මේකට චැට් බොක්ස් එකක් තිබුනනම් ගොඩක් වටිනව. කවුරු හරි දන්නවනම් චැට් බොක්ස් එකක් හදා ගන්න ආකාරය, මාව දැනුවත් කරන්න.

5/02/2010

ගනිතමය ගැටලුව 15

මම අදත් ගනිත ගෙටලුවක් අරගෙන ඔයාල හමුවට ආව ඕං. මේකයි වැඩේ, මගෙ ලිපි වලට එන්න එන්නම ප්‍රතිචාර අඩුවේගන යනව. මම හිතනව ඒක මගෙ අඩුපාඩුවක් වෙන්න ඇති කියල. එහෙම අඩුපාඩුවක් තියනවනම්, කරුණා කරල කවුරුහරි මට ඒක පෙන්නල දෙන්න. එතකොට මට ඒක හදාගන්න පුලුවන්.
මේකයි ගැටලුව. එක වෙලඳාමෙ යන ගෑණු කෙනෙක් බිත්තර තොගයකුත් අරගෙන වෙලඳාමෙ යනව. මෙයා ගෙයින් ගෙට ගොස් තමයි වෙලඳාම් කරන්නෙ. ඔන්න මෙයා පලවෙනි ගෙදරට යනව. ඒයා ගෙනිච්ච බිත්තර තොගය, හරියටම තුනට බෙදල පංගුවකුත්, තව එක බිත්තරයකුත් දෙනව. දැන් මෙයා දෙවෙනි ගෙදරට යනව. ඉතිරි බිත්තර තොගය තුනට බෙදනව. (ඒකක් ඉතිරි වෙනව. ඒක පැත්තකින් තියාගන්නව, ගෙදර ගෙනියන්න.) එයින් පංගුවකුත්, තව බිත්තර දෙකකුත්, ඒ ගෙදරට දෙනව. දැන් තුන්වන ගෙදරට යනව. නැවතත් ඉතිරි බිත්තර තොනය තුනට බෙදල, පංගුවකුත්, තව බිත්තර තුනකුත් ඒ ගෙදරටත් දෙනව. දැන් මෙයාට එක බිත්තරයයි ඉතුරු වෙන්නෙ. කොහොම නමුත් මෙයා බිත්තර දෙකක් ගෙදර ගෙනියනව. (මුලින් ගෙදර ගෙනියන්න ඉතිරි කරගත් බිත්තරයත් සමග.) මම අහන්නෙ මෙයා බිත්තර කීයක් වෙලඳාමෙ ගෙනිච්චද?

කරුණා කරල අඩුපඩු තියනවනම් පෙන්නල දෙන්න.