
කාලෙකට පස්සෙ ඔන්න තවත් ගනිත ගැටලුවක් ඉදිරිපත් කරන්නයි යන්නෙ. මෙම පින්තූරයේ ඔබට පේනව ඇති ගිනි කූරු 16 කින් හතරැස් කොටු 5 ක් සාදා ඇති ආකාරය. මේකයි විසඳීමට ඇති ගැටලුව. මෙහි ඇති ගිනිකූරු 16 න් ගිනිකූරු 2 ක් පමනක් ඉවත් කර, නැවත වෙනත් තැනක තබා හතරැස් කොටු 4 ක් එන ලෙස, මෙම රූප සටහන වෙනස් කල යුතුයි.ගිනිකූරු ඉතුරු වූවොත්, එය නිවැරදි පිලිතුර නොවනු ඇත.
මෙහි ඔබට පහසු වන ලෙස, ගිනිකූරු වලට රතු අංකත්, ගිනිකූරු ඉවත් කර නැවත තබන තැන්වලට කොළ අංකත්, යොදා ඇත. තවද, ඔබ පිලිතුරු සැපයීමේදී, "උදාහරනයක් ලෙස, අංක එක ගිනිකූර, අංක පහ ස්තානයට ගෙන ගියා." ආදී වසයෙන් සඳහන් කිරීමෙන් නිවැරදිව තේරුම් ගැනීමට හැකිවනු ඇත. මම හිතනව ඔබට මෙය පැහැදිලි ඇති කියල. නිවැරදි පිලිතුර පසුව බලාපොරොත්තු වන්න.