6/22/2010
ගණිතමය ගැටලුව 21.
ගණිත ගැටලු ප්‍රිය කරන අයට, ඔන්න මම අදත් ගණිත ගැටලුවක් අරගෙන ආව. වැඩි විස්තර නැතිව අපි කෙලින්ම ගැටලුවට යමු. මම අද ඉදිරිපත් කරන්න යන ගැටලුව, අන්දරේගෙ කාලෙ වෙච්ච සිද්දියක්. ඔන්න ඔය කියන කාලෙ, රජ වාසලේ හරක් පට්ටියක් හිට්යලු. මේ ගැටලුවෙ හැටියට හරක් 32 ක්. ඉතිං මේ හරක් බලන මිනිහට රජ තුමා කියල තියෙන්න, ඉහත රූපසටහනේ ආකාරයට, කනු 8 ක හරක් 32 නා බඳින්න කියල.ඒකට හේතුව. හමදාම හවසට හරක් ටික ගෙනල්ල කනුවල බැන්දම, රජතුමා හරක් ගණිනව. හැබැයි ගනින්නෙ, 1 කනුවෙ සිට 1 2 3 කියන කනුවල 12 කුත්, 1 4 6 කියන කනුවල 12 කුත්, 8 කනුවෙ සිට 8 5 3 කියන කනුවල 12 කුත්, 8 7 6 කියන කනුවල 12 කුත්, එන ලෙසයි. ඉතින් දවසක් රජතුම හරක් ගණින ක්‍රමය අන්දරෙ දැක්ක. අන්දරේගෙ කපටි මොලයට නුවනක් ආව. අන්දරේගෙත් හරක් හතර දෙනෙක් ඉන්නව. උන්ට කන්න දෙන්නයි, සාත්තු කරන්නයි; වියදමකුත්, අමතර ශ්‍රමයකුත් වැයවන නිසා අන්දරේ කල්පනා කලා අන්දරේගෙ හරක් 4 දෙනත් රජතුමාගෙ කනුවල බඳින්න. පලමුවෙන්ම රජතුමාගෙන් හරක් බලන වැඩේ ඉල්ලගත්ත. ඊට පස්සෙ අන්දරේ මිනිහගෙ හරක් 4 දෙනත්, රජතුමාගෙ හරක් එක්කම බඳින්න ගත්ත. රජතුමා ගනින විදිහට 12 ක් එන්න ලෙස. හැබැයි එක කනුවක හතර ගානෙනම් නෙමෙයි. මම අහන්නෙ අන්දරේ හරක් 36 ක් මේ කනුවල බැන්ඳෙ (රජතුමා ගණින විට 12 ක් එන ලෙස ) කොහොමද? ඔයාලට පිලිතුරු දීමේදී කනුවෙ අංකයට අදාල හරක් ගණන ලෙස පිලිතුරු දිය හැකිය.
4 comments:
අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.
Subscribe to:
Post Comments (Atom)
2, 4, 5, 7 == > 6x4 = 24
ReplyDelete1, 3, 6, 8 == > 3x4 = 12
1 ,2, 3 = > 3 + 6 + 3 = 12
etc.
@චානක අරුන මුනසිංහ.
ReplyDeleteඅපි අනිත් අයගෙ පිලිතුරු බලනකන්, ඔයා මේකත් ට්‍රයි කරන්න. අන්දරේ ඔතනින් හරක් 8 දෙනෙක් ඉවත් කර, පෙරපරිදිම රජතුමාට කොකා පෙන්නනව. ඒ කොහොමද?
2, 4, 5, 7 == > 2x4 = 8
ReplyDelete1, 3, 6, 8 == > 5x4 = 20
1 ,2, 3 = > 5 + 2 + 5 = 12
etc
@චානක අරුන මුනසිංහ.
ReplyDeleteඔයා දක්ෂයි. ස්තූතියි අරුන.