එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/12/2010

අකුරු දෙකක කවියක්

දේදුන්නෙන් දැන් දැන් දුන් දාන්නේ
නදී නිදිද නන්දනනන් නොනිඳන්නේ
නෝනා නැද්ද නැන්දා දන් දෙනු දන්නේ
දන්නෝ දනී දාද නාද දැන් දෙන්නේ

මේක මගෙ නිර්මාණයක්. ඒක නිසා අඩුපාඩු ඇති. ඔබටත් අවස්තාව තියනව යම් කිසි වචනයක්, තවත් වාක්‍යක් හෝ කවි පදයක් මෙයට එකතු කිරීමට. හැබැයි දයන්නත්, නයන්නත් පමනක් ඇතුලත් විය යුතුයි. ස්තූතියි.

5/09/2010

මේකත් තේරවිල්ලක්

පොඩි කතාවකුත් එක්ක තේරවිල්ල තියෙන්නෙ. මම කතාව කෙටියෙන් කියන්නම්. ඔන්න එක තරුණයෙක්, ගමනක් යන්න බස් එකක් එනකන් බස් නැවතුම් පලට වෙලා බලාගෙන ඉන්නව. ඔහොම ඉන්නකොට තවත් ලස්සන තරුණියක් එතන්ට එනව. තරුණයගෙ හිත යනව තරුණිය කෙරෙහි. ඔන්න දැන් දෙන්න කතාවට වැටෙනව. නම, කොහෙද යන්නෙ, රස්සාවක් කරනවද,? ආදී ප්‍රශ්ණ, ඒවට උත්තරද, දෙන්න අතර හුවමාරු වෙනව. ඔන්න එතකොට තරුණියගෙ බස් එක එනව. හුටා........ තරුණයට මතක් වෙනව, ලිපිනය?....... තරුණය අහනව "ඔයාගෙ ලිපිනය". තරුණිය බස් එකට නගින ගමන්, "ගස් පහයි, වැල් එකයි." කියල, බස් එකේ නැගල යනව. තරුණයට මතක් වෙනව ඒයාගෙ නම. එතනත් එක ගහක් සඳහන් වුනා. කොහොමහරි මෙයා, වාසගමයි ලිපිනයයි, හොයාගෙන ලිපියක් තැපල් කලා. ටික දිනකින් මෙයාට උත්තරත් ලැබුන.
හරි ඒ කතාව එතනින් ඉවරයි. දැන් මගෙ ප්‍රශ්නය. මම අහන්නෙ මේ ගස් පහයි, වැල් එකයි, මොනවද?, කියලයි.
නොතේරෙන දෙයක් තියනවනම්, මාව දැනුවත් කරන්න.