එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/09/2010

මේකත් තේරවිල්ලක්

පොඩි කතාවකුත් එක්ක තේරවිල්ල තියෙන්නෙ. මම කතාව කෙටියෙන් කියන්නම්. ඔන්න එක තරුණයෙක්, ගමනක් යන්න බස් එකක් එනකන් බස් නැවතුම් පලට වෙලා බලාගෙන ඉන්නව. ඔහොම ඉන්නකොට තවත් ලස්සන තරුණියක් එතන්ට එනව. තරුණයගෙ හිත යනව තරුණිය කෙරෙහි. ඔන්න දැන් දෙන්න කතාවට වැටෙනව. නම, කොහෙද යන්නෙ, රස්සාවක් කරනවද,? ආදී ප්‍රශ්ණ, ඒවට උත්තරද, දෙන්න අතර හුවමාරු වෙනව. ඔන්න එතකොට තරුණියගෙ බස් එක එනව. හුටා........ තරුණයට මතක් වෙනව, ලිපිනය?....... තරුණය අහනව "ඔයාගෙ ලිපිනය". තරුණිය බස් එකට නගින ගමන්, "ගස් පහයි, වැල් එකයි." කියල, බස් එකේ නැගල යනව. තරුණයට මතක් වෙනව ඒයාගෙ නම. එතනත් එක ගහක් සඳහන් වුනා. කොහොමහරි මෙයා, වාසගමයි ලිපිනයයි, හොයාගෙන ලිපියක් තැපල් කලා. ටික දිනකින් මෙයාට උත්තරත් ලැබුන.
හරි ඒ කතාව එතනින් ඉවරයි. දැන් මගෙ ප්‍රශ්නය. මම අහන්නෙ මේ ගස් පහයි, වැල් එකයි, මොනවද?, කියලයි.
නොතේරෙන දෙයක් තියනවනම්, මාව දැනුවත් කරන්න.

4 comments:

  1. සමදරා අමරකෝන්
    මිල්ල තේ
    කිරිඳිවැල


    උත්තරේ හරිනේද?

    ReplyDelete
  2. උත්තරේ හරි ..
    හැබැයි නම "සේපාලිකා" ද කොහෙද ...

    ReplyDelete
  3. සීසරුයි, මහසෙනුයි, එකතු වෙලා උත්තරය හොයල තියනව. හැබැයි අමර නෙමෙයි, වීර.

    පිලිතුර "සේපාලිකා වීරකෝන්, මිල්ලතේ, කිරිඳිවැල."

    ReplyDelete
  4. මොලේ තියන කෙල්ලෝ මොලේ තියන කොල්ලෝ හොයගන්න හැටි... :)

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.