එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/12/2010

අකුරු දෙකක කවියක්

දේදුන්නෙන් දැන් දැන් දුන් දාන්නේ
නදී නිදිද නන්දනනන් නොනිඳන්නේ
නෝනා නැද්ද නැන්දා දන් දෙනු දන්නේ
දන්නෝ දනී දාද නාද දැන් දෙන්නේ

මේක මගෙ නිර්මාණයක්. ඒක නිසා අඩුපාඩු ඇති. ඔබටත් අවස්තාව තියනව යම් කිසි වචනයක්, තවත් වාක්‍යක් හෝ කවි පදයක් මෙයට එකතු කිරීමට. හැබැයි දයන්නත්, නයන්නත් පමනක් ඇතුලත් විය යුතුයි. ස්තූතියි.

3 comments:

  1. නදී නෑ නෙ දින දා දෙන්නේ
    දුන්න නිදා නොනිඳ දානේ
    දන්න දන්න දේ දුන්නා නෑනේ
    දෙන්න දෙන්න දැන් දැන් දිනන්නේ

    ReplyDelete
  2. මට මේ කවිය කියෙව්වම මතක් උනේ මම පොඩි කාලෙ කියවපු අකුරු දෙකේ ජන කවියක් ඔන්න ඒකත් කියවන්නකො එහෙනම්.

    වැල්ළව වෙලේ වේවැල් වල වවුල්ලූ
    විල් වල වේලි වල වැව් වල ලූල්ලූ
    වැල්ළව වලව්වේ ලී ලෝලු ලෑලී ලු
    වැල්ළව වලව්වේ වී ලෑවේ වාල්ලූ

    ReplyDelete
  3. ඉසිම්බු, ඔයාගෙ මුල් කවි පේලිනම් ලස්සනයි. දෙවන කවිය මම මීට කලින් පලකලා. මෙතනින් ගිහින් බලන්න.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.