එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/23/2010

ලක්ෂ ගානක් පාඩු වුනේ නොසැලකිල්ල නිසාද?

මේ චායා රූපය පමණයි මට හොයාගන්න ලැබුනෙ. මේ ගැන විස්තර මට හොයාගන්න බැරි උනා. ඒක නිසා මෙම ගහ කඩා වැටුන එකක්ද, කපාපු එකක්ද කියා නිගමනය කිරීමට අමාරුයි. කෙසේ වෙතත් වාහනයේ අයිතිකරුට සෑහෙන පාඩුවක්. ඒ ඔක්කටම වඩා මේ වාහනය ඇතුලෙ කෙනෙක් හිටියනම් මොනව වෙන්න තිබ්බද?

7/22/2010

මෙහෙමත් දුම් පානය කරන අය ඉන්නවද?

මහෙමත් සිගරට් බීමක්. මේක මේ කෙනා වාර්තාවක් තැබීමට කල දෙයක් මම හිතන්නෙ. ඔයාලට කියන්න පුලුවන්ද මෙතන සිගරට් කීයක් තියනවද කියල.

ගනිතමය ගැටලුව 22

ඔන්න මම අද කාලෙකල පස්සෙ ගනිත ගැටලුවක් ඉදිරිපත් කරන්න යනව. මෙම ගැටලුව මීට කලින් පොඩ්ඩක් වෙනස් විඩිහකට අහස කරා බ්ලොග් එක කරන විදුල හසරංග ඉදිරිපත් කර තිබුන.
හරි දැන් මගෙ ගැටලුව ඉදිරිපත් කරන්නයි යන්නෙ. එක සමාන රත්තරන් බෝල 27 ක් තියනව ඉන් එකක් බරින් අඩුයි. ඒක බැලූ බැල්මට හොයන්න බෑ. ඒක හොයන්න ඉහත රූපයෙ තියන තරාදියක දාල කිරල බලන්න ඕන. මම අහන්නෙ බර අඩු රත්තරන් බොලය හොයාගන්න,
1 මේ තරාදියෙන් කී පාරක් කිරන්න ඕනද?
2 කිරන්නෙ කොහොමද?

7/19/2010

විලි වහගන්නවද? සංදර්ශනය කරගෙන යනවද?

ඔන්න මම අදත් ඔයාලට තවත් රූප රාමුවක් අරගෙන ආව. යතාර්තෙට මුහුන දෙන්න වෙන අවස්තාවක්. මේ වගේ තමා අපිට හදිසි අනතුරු සිදුවන්නෙ. අපි මේ දිහා බලා හිනා නොවී බුද්දිමත්ව හිතමු. ඔබට හිතෙන දැනෙන දේ, සටහන් කර යන්න.

7/18/2010

ෆෝන් එකේ ආරක්ෂාවටද? කරාඹුවක්ද?

මම ඔයාලට මේ වගේ රූප රාමු දෙකක් මීට කලින් ලිපි වලින් ඉදිරිපත් කලා. මේකත් ඒවගෙ අශාමාණ්‍ය රූප රාමුවක්. හැබැයි ඇත්ත. අමාරුවෙන්, කාලයක් උත්සහ කිරීමෙන් මේ වගේ හදාගන්න පුලුවන්. මට තියන ප්‍රශ්නය, ස්ටයිල් එකට පලඳින කරාඹුවක්ද? නැත්නම් ෆෝන් එක ආරක්ෂා කිරීමට ගත් උපාය මාර්ගයක්ද? මට හිතුන මේ සම්බන්දව පොඩි චන්දයක් දාන්න. මම ඉහත සඳහන් කල ක්‍රම දෙකෙන් ඔබට හිතෙන ක්‍රමය සටහන් කරන්න. චන්දය අනුව අපි බලමු මෙම රූප සටහනේ ඉන්න පුද්ගලය අදහස් කලේ කුමක්ද කියා. ස්තූතියි.

සපත්තුවක්, නෑ... ඩී.වී.ඩී ප්ලේයර් එකක්.

ඇත්තටම මේක ප්ලේයර් එකක්. මෙම ප්ලේයර් එකේ තියන වැඩකෑලි වලින් සමහරක් මේ. (CD, DVD, subwoofer ; AM/FM/XM radio, Ham radio,CB; CD-R/RW ; plays mp3, wmp, mpg, avi; ) හබැයි මේක කඩ වල ගන්නනම් තියනවද දන්නෙ නෑ.මොක උනත් ලස්සන නිර්මාණයක්. ඔයාට මොනවද හිතෙන්නෙ මේ ගැන.