එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/04/2011

කුරුමිණියෙක් පිට හෑරුවත් නොසෙල්වී ක්‍රිස්තු චරිතය රඟපෑ ඔහු.

මෙම සිදුවීම මීට වසර 40කටත්, 50කටත් අතර සිදුවීමකි. ඔහු නමින් මලකියස් පෙරේරා. ඒ කාලෙ බොරලැස්ස කියන ගමේ පාස්කු පෙන්නල තියනව. මේ කියන කෙනා තමයි ජේසුගෙ චරිතය රඟපාල තියෙන්නෙ. ඉතින් මේ සිද්දිය උන අවුරුද්දෙ මෙයා කුරුසෙ ඇන ගහන හරිය රඟපාද්දි චරිතයට නොගැලපෙන විදිහට මෙයාගෙ සෙලවීමක් දැක්ක පුහුණුකරු යට ඉඳල සෙනගට නොපෙනෙන්න මෙයාට තුවක්කුව (උකුත් වෙන වෙලාවෙ උඩට වෙඩි තියන තුවක්කුව ) දික්කරල "හෙල්ලුනොත් වෙඩි තියනව " කියල තියනව.
ඒ බයට හරි එයාගෙ චරිතය හරියට කරන්න ඕන කියල හිතිල හරි, මෙයා නොසෙල්වී ඉඳල. කතෝලික අයනම් දන්නව, ඒ චරිතයෙ ඒ අවස්තාව සෑහෙන වෙලාවක් කරන්න වෙනව. කොහොම හරි මේ දර්ශණය ඉවර වෙලා මෙයාව කුරුසයෙන් බාල බලනකොට පිටේ ලොකු තුවාලයක් තිබිල. ඒකට හේතුව තමයි පිටේ කුරුමිණියෙක් ඉඳල තියනව. ඒකට තමයි මෙයා දඟලන්න හදල තියෙන්නෙ.


කතාවක් කිව්වට මට අවශ්‍ය කරන තැනට ආවෙ දැනුයි. මෙයා මගෙ ලොකු තාත්ත. ඒ කියන්නෙ මගෙ අම්මගෙ තාත්ත. ඔන්න මම දැන් ආව ඔයාල දකින මේ පරණ ෆොටෝ එකට. මෙහි ඉන්නෙ මමයි, මගෙ අම්මයි, මගෙ ලොකු තාත්තයි. මේ කතාවෙ වැඩි විස්තර දන්න, හෝ මේ සම්බන්දව යමක් දන්න කෙනෙක් ඉන්නවනම් ලියන්න. ඊට අමතර ඔබේ අදහසුත් පලකරන්න අවස්තාව තියනව. මෙය කියවූ ඔබ සැම දෙනාටම ස්තූතියි.

6/02/2011

පින්තූරයට කවියක්.

මම අද අලුත් දෙයක් අරගෙන ආව. කවි ලියන්න දන්නෙ නැති උනාට මම කවි වල රස විඳින්න ආසයි. ඉතින් මම හිතුව මේ ලස්සන පින්තූරය ඔයාලට ඉදිරිපත් කරල එයට ගැලපෙන ලස්සන කවි පන්තියක් හෝ නිසදැසක් ඔයාලගෙන් ඉල්ලන්න. කවියො කිවිඳියො ඉන්නවනම් ලියන්න. ස්තූතියි.

5/31/2011

"හෙළ කිතුනු ගී" ඔබට ස්තූතියි.

කාලෙකට පස්සෙ උනත් මම අදනම් හදිසියෙ මේක ලියන්නෙ. හේතුව නොලියම බැරි නිසයි. "හෙළ කිතුනු ගී" ඔබට ස්තූතියි. මගෙ ඉල්ලීම පරිදි ඔයා ගරු තිලකසිරි ප්‍රනාන්දු සොයුරු තුමාගෙ  "ජීවිතේ එදා" යන ගීතිකාව ඔයාගෙ සයිඩ් එකේ පල කලාට. මගෙ සයිඩ් එකෙන් ලින්ක් එකකුත් දැම්ම. ස්තූතියි ආයෙත්.