එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/02/2011

පින්තූරයට කවියක්.

මම අද අලුත් දෙයක් අරගෙන ආව. කවි ලියන්න දන්නෙ නැති උනාට මම කවි වල රස විඳින්න ආසයි. ඉතින් මම හිතුව මේ ලස්සන පින්තූරය ඔයාලට ඉදිරිපත් කරල එයට ගැලපෙන ලස්සන කවි පන්තියක් හෝ නිසදැසක් ඔයාලගෙන් ඉල්ලන්න. කවියො කිවිඳියො ඉන්නවනම් ලියන්න. ස්තූතියි.

2 comments:

  1. මගෙයි අම්මිගෙයි ලොකය එලිය කළ
    පැටියා ඔබයි මට දෙවියන් තිළිණ කළ
    අම්මිත් මමත් හැරමිටියෙන් යනෙන කල
    මගෙ සමනල් පැටිය වෙයි වාරුව එකල

    අම්මිගෙ රුව රැගෙන පැමිණිය ඔබ සුරදූතී
    තාත්තිගෙ කටත් නුවණත් හිමි දෝණී
    සුර කුමරෙක් නුඹ කැන්දාගෙන යාවී..
    අම්මිත් මමත් එදිනට නම් තනිවේවී

    ReplyDelete
  2. @ ලහිරු
    හරිම ලස්සනට ගලපල ලස්සන කවි පංතියක් ලියල තියනව. ස්තූතියි ඔයාට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.