එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/19/2010

ගණිතමය ගැටලුව 20 ට පිලිතුරු හා දින දසුන.



මුලින්ම මම පැනයට පිලිතුරු ඉදිරිපත් කරන්නම්.
පලමු දාදු කැටය = 0 1 2 6/9 7 8, මෙහි 6=9 උඩ යට මාරු කල පසු
දෙවන දාදු කැටය = 0 1 2 3 4 5

කැලැන්ඩරය සාදා ගැනීම සඳහා, ඉහත රූපයෙ පරිදි, ලී වලින් දාදු කැට සහ එය බහාලන පෙට්ටියද, මාස සටහන් කරන කැට තුනද, සාදා ගැනීමට පුලුවන. (ඔයාලට පේනව ඇති කැට වලට යටින් jennaio ලෙස ජනවාරි මාසය පෙන්නුම් කරනව. ඒ වගේ පැති 4 කින් සමන්විත, කැටතුනක් සාදා ගැනීමෙන් මාස 12 මාර්ක් කර ගන්න පුලුවන්.)
එසේ නැතිනම් පහලින් ඇති රූපය කාඩ් බෝඩ් එකක් මත ඇඳ ගැනීමෙන් එම දාදු කැට දෙකද. ඒවා බහාලන පෙට්ටියද, මාස සටහන් කරන කැටද, ඔබේ දක්ෂතාවය අනුව කඩ් බෝඩ් වලින් සාදා ගත හැක. තවද මෙහි අංක හා මාස ඔබට කමති වර්ණයකින් ලියා ලස්සන දින දසුනක් සාදා ගැනීමට පුලුවන්.

6/18/2010

"සතුන් කීයක් ඉන්නවද?" පැණයට පිලිතුරු.



මම මේ පින්තූරයෙ සතුන් සිටිනා තැන් කලු රවුමකින් පෙන්නා තියෙනව. ඔයාලට පැහැදිලි ඇතයි මා සිතනවා.
මම ඉදිරිපත් කල "ගණිතමය ගැටලුව 20" ට තවමත් පිලිතුරු දීමට අවස්තාව තියනව. එයට කපටි මොලයත් පාවිච්චි කරන්න වෙනව. එහි හැම දිනයකටම, දාදු කැට දෙකම යොදා ගැනෙනව.
එම ගැටලුවට
මෙතනින් යන්න.

6/17/2010

ගණිතමය ගැටලුව 20.

ඔන්න තවත් ගණිත ගැටලුවක් අරගෙන ඔයාල හමුවට අදත් මම ආව. වැඩි විස්තර නොකිය මම කෙලින්ම ගැටලුවට යන්නම්.

මෙකයි ගටලුව. ඔයාල දන්නවනෙ අපි සිංහල අවුරුද්දට කැට ගහන්න ගන්න දාදු කැටේ. ඒකෙ පැති 6 ක් තියනව කියලත් දන්නව. හරි දැන් බලමු මොකක්ද වෙන්න ඕනෙ කියල. මට කැලැන්ඩරයක් හම්බ උනා.
ඒ කැලැන්ඩරේ හදන හැටි මම ඊ ලඟ ලිපියෙන් කියල දෙන්නම්. ඒ කැලැන්ඩරේ දින ලකුනු කරන්නෙ දාදු කට දෙකකින්. 1 කේ සිට 31 දක්වා මෙම දාදු කැට දෙකෙන් පෙන්නන්න පුලුවන්. පලමු දාදු කටයෙ පැති 6 ට, අංක 6 කුත්, දෙවන දාදු කටයෙ පැති 6 ට, අංක 6 කුත්, සටහන් කිරීමෙන්, දවස් 31 ම දාදු කැටවල අංක මාරු කිරීමෙන් ලබාගත හැක. මෙම දාදු කැට දෙකට යොදන අංක මොනවාද? ඒය පලමු සහ දෙවන දාදු කැට වලට වෙන වෙනම ලබා දිය යුතු වේ. මම හිතනවා මගේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියා. උත්සහ කර බලන්න.

6/16/2010

සතුන් කීයක් ඉන්නවද?

මම ඉදිරිපත් කල මුහුනු කීයද? යන ලිපිය වගේ ඒ හා සමාන තවත් ගැටලුවක්..... ම්......නෑ . ප්‍රශ්ණ්යක්.....ම්....... හරි ඔයාලට කැමති දෙයක් හිතා ගන්න පුලුවන්. මේකයි වැඩේ. මම ඉදිරිපත් කල මේ රූපයෙ සත්ව මූනු කීපයක් සැගවී තියනව. මගෙ ප්‍රශ්නය.


1. සත්ව මුහුනු කීයක් තියනවද? (මනුෂ්‍යය මූනුත් සමග.)
2. ඒ මොන සතුන්ද?
3. සැඟවී සිටින්නේ කොහෙද? (උදාහ: අහසෙද? වතුරෙද? කඳු වලද? ආදී වශයෙන්.)


හරි උත්සහ කරල බලමු. බැහැයි කියල අත ඇර දාල යන්න එපා. ඔයාට පේන මොනව හරි ගැන ලියල යන්න . ස්තූතියි.

6/15/2010

මුහුනු කීයක් තියනවද? (2) ට පිලිතුරු.

මම මට පේන මූනු රවුම් කරල තියනව. ඒ අනුව මුහුනු 15 ක් තියනව. තව මූනු වගේ හොයාගන්න අමාරු අපැහැදිලි මුහුනුත් නැතුවම නෙමේ. ඒ විදිහෙ 2 ක් රතු වලින් රවුම් කරල තියනව. මට වඩා හොඳ පිලිතුරු තියනවනම් පෙන්නල, ටොක්කක් ඇනල යන්න. ස්තූතියි.

6/13/2010

මුහුනු කීයක් තියනවද? (2)

"මුහුනු කීයක් තියනවද?" පලමු ලිපියට හොඳ ප්‍රතිචාර තිබුන නිසා, මම කල්පනා කලා එහි දෙවන ලිපියත් ඉදිරිපත් කරන්න ඕන කියල.
බලන්න මේ චිත්‍රය. ඔයාලට කියන්න පුලුවන්ද මෙම චිත්‍රයෙ මිනිස් මූනු කීයක් තියනවද කියල. උත්සහ කරල බලන්න. සමහර විට එක එක්කෙනාගෙ පිලිතුරු වෙනස් වෙන්න පුලුවන්. ඒකට කමක් නෑ අපි උත්සහ කරල බලමු.

මුහුනු ගනන සෙව්වාද? මෙන්න පිලිතුරු.


මම දැක්ක මිනිස් මුහුනු මෙහි සඳහන් කරමි. මීට වඩා යමක් ඔබ දැක්කානම් සටහනක් තබා යන්න. කලු රවුම් වලින් මුහූනු 7 ක්ද, ලොකුවට පේන සීයගෙ මූනත් එක්ක මූහුනු 8 ක් ඇත. පිලිතුරු දුන් ඔබ සැමට ස්තූතියි..