එම්.පී.3 අහන්න මෙතනින් යන්න

10/12/2010

මං වගේද මං 2

ඔයාලට මම මීටපෙර ලිපියෙදි පැ.තු.නිකායෙ තිලකසිරි සහෝදර තුමා ගැන කිව්ව මතක ඇති. ඔහු දැන් ඉතාලියෙ රෝම නගරයෙ භාෂා කීපයක් වැඩිදුර හදාරනව. ඔහුගෙ පොත් පිංචෙ දෙවන කවිය ලියල තියෙන්නෙ මෙහෙමයි.
2. කාව්‍ය.
වකුටු වෙලා - දරණු ගසා
කොළ යට සැඟවී ඉඳලා
වාරය එන විට පිබිදී
පැන පැන පලි ගන්න සිතන
පිටත මෝස්තර තිබුණට
විස දළ දත් වලින් හපන


උඹ වගේද මං
කියන්න පොළඟෝ?


කරුණාකර ඔයාලගෙ අදහස් මෙහි සටහන් කර යන්න.

10/10/2010

මං වගේද මං 1

මෙම කාව්‍ය පෙල උපුටා ගත්තෙ, පැ.තු.නිකායෙ තිලකසිරි ප්‍රනාන්දු සොයුරු තුමාගෙ පොත් පින්චකින්. මෙය පලකිරීම සදහා එතුමා මට අවසර ලබා දුන්නා. එතුමාව අප අතරට එවල තියෙන්නෙ දෙවියන් වහන්සෙ. ඔහු ශ්‍රී ලාංකික ජනතාවට විශාල සේවයක් කරන අගනා සම්පතක්. ඔහු ගැන ලියනවනම් පොත් ගනන් ලියන්න දේවල් තියනව. මම දැන් ලිපිය ලියන්නයි යන්නෙ. මේ කාව්‍ය හරිම කෙටියි, නමුත් විශාල අර්තයක් තියනව.
1. කාව්‍ය.
පුංචි ලෝකයක හිරවී
අවසිථාව එන විටදී
පුටුවක ඉඳගන්න නොදී
යටින් කටුව විදින සැනින්
ලේ බිඳ බිඳ උදුර ගන්න
ටික ටික රිද්දන
තුවාල නොකරන


උඹ වගේද මං
කියන්න මකුණෝ?