එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/10/2010

මුහුනු කීයක් තියනවද?

ඔන්න ඉතින් අද මම ගෙනාව අලුත් දෙයක්. මේක මට සයිබර් අවකාශෙ පියාඹද්දි හමුවුන පින්තූරයක්. මේක ඈතට බලද්දිනම් තනි වයසක රැවුළ වවාගත්ත මිනිසෙක්ගෙ පින්තූරයක් පේන්නෙ. ඒත් මෙහි සැඟවුන මුහුනු තියනව. ඔයාලට පුලුවන්නම් කියන්න මෙතන මූහුනු කීයක් තියනවද කියල?

6/08/2010

ගණිතමය ගැටලුවක්ද? ප්‍රෙහෙළිකාවක්ද?


මෙම පින්තූරයේ ඉහලින් ඇති ත්‍රී කෝණයට සමානව එහි ඇති ජ්‍යමිතික රූපයන් වෙනස් කරමින් පහල ත්‍රී කෝණය සාදා ඇත. නමුත් පහල ත්‍රී කෝණයෙ කොටුවක් ඉතුරු වෙලා. ඒ කොහොමද??????? ඔයාලට පුලුවන්ද මේකට පිලිතුරක් හොයන්ඩ? බලමු එහෙනම් ට්‍රයි එකක් දාල.

6/06/2010

පුංචි සමනළ රෑනක්

මම ඊයෙ වැඩ ඉවර වෙලා ගෙදර ආපු ගමන්ම මගෙ පුතා වෙනද වගේම, දුවගෙන ඇවිත් "තාත්තී...." කියල මාව බදාගත්ත. එයාගෙ වයස අවුරුදු 7 යි. ඉතිං එයා ඒ ටිකෙන්ම "තාත්ති ඇස් දෙක වහගන්න." කියල කිව්ව. මම දන්නව මෙයා ඇස් වහගන්න කියද්දි මොනවහරි පෙන්නන්න තමයි කියල. මමත් දඩස් ගාල ඇස් වහ ගත්ත. ටිකක් වෙලත් ගියා බඩු නෑ. එතකොටම " තාම අරින්ඩ එපා..." කියල, එයා කෑගහල කිව්ව. මටත් දැන් ඉවසිල්ලක් නෑ. මේක මොකක්ද කියල දැනගන්නකම්. ඔන්න තවත් ටිකකින් ලඟටම ඇවිත් "හ..රි... දැන් අරින්ඩ...." කියල කිව්ව. මමත් කුතුහලෙන් වහේ ඇස් ඇරිය. එයා මට මොනවද දන්නවද පෙන්නුවෙ? මේ තියන ෆොටෝ එක.මට හරිම සතුටුයි. බලන්න පොඩි උන් ටික, පුංචි සමනළ රෑනක් වගේ. එයාගෙ ස්කෝලෙ නිවාඩු දෙන්න ලඟයි. ඒ නිසා යාලුවො ටික ඔක්කම එකතු කරල තමයි මේ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ. එයාගෙ හොඳම යාලුව තමයි කේවින්. කේවින් ඇවිල්ල ලංකාවෙ වෙන්නප්පුවෙ. හරි මම දැන් කියන්නයි යන්නෙ, මේකෙ ඉන්න හැම ළමයෙක්ගෙම තොරතුරු ටිකක්.
ඔයාලට ප්‍රශ්ණයක් ඇති, මගෙ පුතා කොහෙද මේ ඉන්නෙ කියල. මෙයා යන්නෙ ඉතාලියෙ, වෙරෝන නගරයෙ, සාන්ත ලුෂිය කියන ගමේ ස්කෝලෙකට. මෙහෙ ස්කෝල වල තියන විශේෂත්වය තමයි ළමයින් කැමති ඇඳුමක් ඇඳගෙන ස්කෝලෙ යන්න පුලුවන්. ලංකාවෙ වගේ පිට ජාතිකයන්ට වෙනස් කම් කරනව අඩුයි. මේ ෆොටෝ වල හැම ළමයෙක්ගෙම නම සහ රට ඊට අදාල ෆොටෝ එකට යටින් ලියල තියනව. එය පැහැදිලි මදි නිසා නැවත එම විස්තරය, ෆොටෝ වල අනුපිලිවෙලට ලියාගෙන යනව.මගෙ පුතා ෆ්ලාවියො සෙව්මින්ද, එයාගෙ හොඳම යලුව කේවින් ලංකාව, කැතරීනා ඉතාලිය, එලියස් මොරොක්කො, කියාරා ඉතාලිය, එලෙනා ඉතාලිය, රෆ්ෆාඑලෙ ඉතාලිය, මාර්කො ඉතාලිය, මීන්හා පකිස්ථානය, ජූලියා ඉතාලිය, චන්නි චීනය, ක්‍රීස්තියන් ඉතාලිය, ජුලියානො ඉතාලිය, සමුවෙල් ඝානා, මතීය ඉතාලිය, පිලිප්පො ඉතාලිය, ෂොෆියා ඉතාලිය, බියන්ක ඉතාලිය, එලියොනෝරා ඉතාලිය, ආව්වා ඝානා.කෙටිකරල කියනවනම් දරුවො කියන්නෙ සම්පතක්, මගෙ හිතේ ඇති උන සතුටටයි ලියන්නෙ. වරදක් අඩුපාඩුවක් තියනවනම් සමාවෙන්න. මෙය කියවූ ඔබට ස්තූතියි.