එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/25/2010

වෘකයන් කීයක් ඉන්නවද?

ඔන්න ඔයාලට, තවත් රූප රාමුවක් අරගෙන ආව. මෙම රූප රාමුව තුල වෘකයන් කීයක් සිටීද? පුලුවන්නම් හොයන්න. හැබැයි හිතුනු හිතුනු ගණන් කියන්න බෑ, හරිද? ට්‍රයි කරල බලන්න.

අශ්වයො කීයක් ඉන්නවද?" ට පිලිතුරු.

ඔන්න මම අශ්වයො කීයද; කියන ගැටලුවට පිලිතුරු රැගෙන ආවා. මට 13 ක් ආව. "සොඳුරු සිතත්ති" ට 14 ක් ඇවිත් තියනව. ඔන්න අවස්ථාව මට බරිවුන එක පෙන්නන්න. ස්තූතියි.

6/24/2010

ගණිතමය ගැටලුව 21 ට පිලිතුරු.

මෙයට, චානක අරුන මුනසිංහ නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර තිබුන. මම හිතන්නෙ එය ප්‍රමාණ්වත් කියා. ගැටලුවට මෙතනින් යන්න.

මේකෙ තියෙන්නෙ මොනවද?

මෙම රූප රමුවෙ, අපට පේන දර්ශණයට අමතර දෙයක් පෙන්නුම් කරනව. ඒමොකක්ද? හරිම ලේසියි නේද? "අශ්වයින් ගණන කීයද?" යන පැනයටත් තවම පිලිතුරු දීමට අවස්තාව තියනව. මෙතනින් යන්න.

6/23/2010

අශ්වයො කීයක් ඉන්නවද?

මෙම රූප රාමුව තුල අශ්වයන් කී දෙනෙක් ඉටීද?

6/22/2010

ගණිතමය ගැටලුව 21.

ගණිත ගැටලු ප්‍රිය කරන අයට, ඔන්න මම අදත් ගණිත ගැටලුවක් අරගෙන ආව. වැඩි විස්තර නැතිව අපි කෙලින්ම ගැටලුවට යමු. මම අද ඉදිරිපත් කරන්න යන ගැටලුව, අන්දරේගෙ කාලෙ වෙච්ච සිද්දියක්. ඔන්න ඔය කියන කාලෙ, රජ වාසලේ හරක් පට්ටියක් හිට්යලු. මේ ගැටලුවෙ හැටියට හරක් 32 ක්. ඉතිං මේ හරක් බලන මිනිහට රජ තුමා කියල තියෙන්න, ඉහත රූපසටහනේ ආකාරයට, කනු 8 ක හරක් 32 නා බඳින්න කියල.ඒකට හේතුව. හමදාම හවසට හරක් ටික ගෙනල්ල කනුවල බැන්දම, රජතුමා හරක් ගණිනව. හැබැයි ගනින්නෙ, 1 කනුවෙ සිට 1 2 3 කියන කනුවල 12 කුත්, 1 4 6 කියන කනුවල 12 කුත්, 8 කනුවෙ සිට 8 5 3 කියන කනුවල 12 කුත්, 8 7 6 කියන කනුවල 12 කුත්, එන ලෙසයි. ඉතින් දවසක් රජතුම හරක් ගණින ක්‍රමය අන්දරෙ දැක්ක. අන්දරේගෙ කපටි මොලයට නුවනක් ආව. අන්දරේගෙත් හරක් හතර දෙනෙක් ඉන්නව. උන්ට කන්න දෙන්නයි, සාත්තු කරන්නයි; වියදමකුත්, අමතර ශ්‍රමයකුත් වැයවන නිසා අන්දරේ කල්පනා කලා අන්දරේගෙ හරක් 4 දෙනත් රජතුමාගෙ කනුවල බඳින්න. පලමුවෙන්ම රජතුමාගෙන් හරක් බලන වැඩේ ඉල්ලගත්ත. ඊට පස්සෙ අන්දරේ මිනිහගෙ හරක් 4 දෙනත්, රජතුමාගෙ හරක් එක්කම බඳින්න ගත්ත. රජතුමා ගනින විදිහට 12 ක් එන්න ලෙස. හැබැයි එක කනුවක හතර ගානෙනම් නෙමෙයි. මම අහන්නෙ අන්දරේ හරක් 36 ක් මේ කනුවල බැන්ඳෙ (රජතුමා ගණින විට 12 ක් එන ලෙස ) කොහොමද? ඔයාලට පිලිතුරු දීමේදී කනුවෙ අංකයට අදාල හරක් ගණන ලෙස පිලිතුරු දිය හැකිය.

6/21/2010

"සතුන් කීයක් සිටීද?" පිලිතුරු.

මම මුලින්ම පලමු ප්‍රශ්ණයට පිලිතුරු දෙන්නම්. මෙම රූපයෙන් මනුෂ්‍යයකුගෙ මූනක් පෙන්නුම් කරයි. ඒක කාටත් පේනවනෙ. දෙවන හා තෙවන ප්‍රශ්ණවලට, මම ඒක විට මේ ලෙස පිලිතුරු දෙන්නම්.
1. ඇතා. (උඩින්ම )
2. ඉත්තෑව# (ඇතාගෙ බෙල්ල යට.)
3. සරපයෙක්# (ඇතාගෙ වලිගෙ ලඟ )
4. කුරුල්ලෙක්# (ඇතාගෙ හොඬට ඉදිරියෙන්)
5. ඩොල්ෆින්. (ඉත්තෑවට යටින්)
6. කටුස්සෙක් (ඇතාගෙ බඩට යටින්)
7. පලඟැටියෙක්. (රූපයෙ, දකුනු අත පැත්තෙ කන.)
8. මුහුදු ගල් මලක්# (පලඟැටියගෙ පපුව ඉදිරියෙන්)
9. කෑදත්තෙක්# (පලඟැටියටත්, ගල් මලටත් ඉදිරියෙන්.)
10. මුතු බෙල්ලෙක්. (රූපයෙ, දකුනු ඇස.)
11. ගිරවෙක්. (රූපයෙ, නහයෙ උඩ කොටස.)
12. තලගොයෙක්# (රූපයෙ, වම් අත පැත්තෙ උඩ ඇහිබම.)
13. ගොළු බෙල්ලෙක්. (රූපයෙ, වම් ඇස.)
14. නොදනී# (රූපයෙ, වම් ඇසට යටින්.)
15. නරිය. (රූපයෙ වම් කන.)
16. තල්මහ# (රූපයෙ වම් කම්මුල.)
17. කැස්බෑව# (තල්මහට උඩින්.)
18. හාව. (රූපයෙ, නහය.)
19. අශ්වය. (දකුනු පස ඇසට යටින්)
20. වානරය# (දකුනු පස කම්මුල.)
21. කොටිය (හාවට යටින්.)
22. කුරුල්ලෙක්# (රූපයෙ උඩ තොල.)
23. මොණරා (රූපයෙ නිකට.)
24. වලහ. (මොණරට යටින්.)
25. කැන්ගරු. (වලහගෙ වම් පසින්.)
මෙහි "#" යන ලකින යොදා ඇත්තේ, සතා හරියටම හඳුනා ගැනීමට අපහසු හෝ සතාගෙ නම නොදත් අවස්තා වලයි. මෙය බලා මට සහයෝගය දුන් ඔබ සැමට ස්තූතියි.

6/20/2010

මෙම රූපයේ සතුන් කීයක් සිටීද?






















අද ඉරිද. මම හිතනව, අද ගොඩක් දෙනෙක් සයිබර් අවකාශෙ සැරිසරන දවස කියල. ඒ නිසා අද මම මෙම ප්‍රශ්ණයට වැඩි පිලිතුරු ප්‍රමානයක් බලාපොරොත්තු වෙමි. කලාව කියන්නෙ හරිම සුන්දර දෙයක්, එය විඳින කෙනාගෙ මනසෙ ස්වබාවය වෙනස් කිරීමට තරම් කලාවට පුලුවන්. උදාහරනයක් හැටියට, ළමයෙක් නිකම්ම තොටිල්ලක දාල නිදි කරනවට වඩා; දරු නැලවිලි ගීයක් කියා ඒ ළමයව ඉක්මනින්ම නිදිකරවන්න පුලුවන්.
ම්...... කතාව විතරයිනේද?
හරි මම දැන් ප්‍රශ්ණයට බහින්නම්. ඉහත තියන රූපයෙන් මම ප්‍රශ්ණ කීපයක් අහනව. හරිම ලේසියි. ඔයාලට තියෙන්නෙ ඒවට පිලිතුරු සපයන්න.
1. මෙම චිත්‍රය ඇන්ද කෙනා, පෙන්නන්න උත්සහ කරන්නෙ කුමක්ද?
2. මෙම චිත්‍රයේ සතුන් කීදෙනෙක් සිටීද?
3. සතුන්ගේ නම් ආසන්න වශයෙන් සදහන් කරන්න.
ගැටලුව වැටහුනානම් උත්සහ කර බලමු, ස්තූතියි.