ලේසියි වගේ හිතුන නිසා ගමවල් 2 ක්ම අරගෙන ආව.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
Uku-Wela
ReplyDeleteAela-Kada
@ නමක් නැති ඔබ.
ReplyDeleteඔබේ පිලිතුරේ, දෙවන ගමේ දෙවන ඉඟිය වැරදියි. පලමු ගමේ පලමු ඉඟියත් වැරදියි. හැබැයි ඔබ සිතූ ඉඟිය එලසින්ම දැම්මනම් නිවැරදි පිලිතුරු ලැබේවි.
දෙවන ගමේ දෙවන ඉඟියට උදව්වක් කරන්නම්. රා ගැනීම සඳහා පොල් ගස් නගින අය, නැගීම ලේසි කර ගැනීමට පොල් මට්ටයක් ගසට තබා ලනුවකින් බැඳ ගැනීම. එයට අපි නමක් කියනව.
1. උකුවෙල
ReplyDelete2. ඇලහැර
@ බන්ඩාර.
ReplyDeleteඔයත් මුල් ගමේ පලමු ඉඟිය වරද්දල. හැබැයි මම හිතන ජාතියෙ ගමක් නැද්ද දන්නෙ නැ. ඒක නිසා පලමු ගම මෙන්න.
"උක්වෙල"
ස්තූතියි ඔබට.
දෙවෙනි ගම ඇලහැර
ReplyDeleteඅයියෝ දෙවෙනි එක බැරියෝ
ReplyDeleteමම හරි. ඔයාල නැණසලට ගිහින්, නැණසල පිලිබඳ සෙවීම තුලින් දිස්ත්‍රීක්කය තෝරන්න, කියන කොටුවෙ මාතලේ දිස්ත්‍රීක්කය තෝරා, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තෝරන්න කොටුවෙන් උක්වෙල ගම හොයාගන්න පුලුවන්
ReplyDelete@ උන්නැහැ.
ReplyDeleteඔබ දෙවන ගම නිවැරදිව ලියා තියනව. ස්තූතියි.
@ නමක් නැති ඔබ.
ReplyDeleteඋත්සහ කරල බලන්න. උත්සහ වන්තය ජය ගනී කියල කතාවක් තියනවනෙ. ඔයාගෙ විශේෂත්වයක් දැක්ක. නමක් නැති උනත් බැහැනම් බැහැ කියල කියනව අඩුයිනෙ. :b :b :b
මාතලෙ තියෙන්නෙ උකුවෙල.... උක්වෙල කියල තැනක් මට අහු උනේ නෑනෙ
ReplyDelete@ බන්ඩාර.
ReplyDeleteඔයා ඇතුලු මෙම ලිපිය කියවපු හැමෝගෙන්ම මම සමාව ඉල්ලා සිටිනව. ඕනාවට වඩා කිසිම කෙනෙක්ව විස්වාස කරන්න හොඳ නෑ. නැණසල කියන්නෙ රජයේ නිල වෙබ් අඩවියක්. ඔයා මම ඉහත කියල තියන ආකාරයට ගොස් බැලුවනම්, ඒකෙ තියෙන්නෙ උක්වෙල කියල. ඒත් මම සිතියමෙන් මාතර ක්ලික් කලහම තිබුන උකු වෙල කියල. කෙසේ නමුත් වැරැද්ද මම බාර ගන්නව. ඔයාට ස්තූතියි වැරැද්ද පෙන්නල දුන්නට. :k