එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/30/2010

කරන්න බැරි දේවල් කිරීම.




මේකනම් මාරයි, ඇත්තටම දක්ෂයෙක්. මොහුගෙන් අපේ ජීවිත වලට ඉගන ගන්න ගොඩක් දේවල් තියනව. මට හිතිච්ච දෙයක් තමයි, ආත්ම විස්වාසය, උනන්දුව හා උත්සාහය තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. ඔයාල බලලම තේරුම් ගන්නකො.
නිවේදනයයි...........
මෙම වීඩියෝ එක බලා, අත්හදා බැලීමට ගොස්, සිදුව අප උපද්‍රාවකට හෝ වෙනයම් අලාබ හානියකට මා විසින් වග කියනු නොලැබේ.

ගනිතමය ගැටල්ව 14

මේකයි ගැටලුව; මට මේ ලගදි මගෙ යාළුවෙක් මුන ගැහුන. එයා වැඩ කරන්නෙ එලවළු, පලතුරු කඩේක. ඒ කඩේ තොග බඩු කඩයක්. එලවළු පලතුරු පෙට්ටි ගනන් විකුනන්නෙ. ඉතින් මගෙ යාළුවත් වැඩ ඇරිල ගෙදර යන ගමන් පලතුරු, එලවළු කෙස් අඩුවට අරගෙන ගිහින්, අපේ අයට විකුනනව. (මම මේ කියන්නෙ ඉතාලියෙ වෙරෝන නගරය ගැන.) දවසක් මෙයා, ඇපල් දුසිමක පෙට්ටියක් එවුරො 2.40 බගින්ද, දොඩම් දුසිමක පෙට්ටියක් එවුරො 3.00 බැගින්ද, ඇපල් හා දොඩම් එවුරො 14.00 කට මිලට ගෙන තියනව. ඒවා ඔහු ඇපල් ගෙඩිය සත (චෙන්තේසිමි ) 30 බැගින්ද, දොඩම් ගෙඩිය සත (චෙන්තේසිමි ) 40 බැගින්ද, අපේ අයට විකිනීමෙන් එවුරො 7.60 ක ලාභයක් අරගෙන තියනව.

දැන් මගේ ප්‍රශ්ණය අහනව.
ඔහු මිලදීගත් දොඩම් හා ඇපල් ප්‍රමාණය කොපමනද?
ඔයාල දන්නවනෙ, වෙනද වගේම පිලිතුර සමග ඔයාලට කැමති දෙයක් ලියල යන්න.

4/28/2010

3 ඩී ඇනිමේෂන් ගේමක්

මට මරු ගේම් එකක් හම්බ උනා. ඔයාලත් සෙල්ලම් කරල බලන්න. මේක අනිත් ගේම් වගේ ගොඩක් බර නෑ. සැහැල්ලු ගේම් එකක්. ඔන් ලයින් සෙල්ලම් කරන්න පුලුවන් කිසි අමාරුවක් නැතුව. මගෙ සයිඩ් එකේ හෙඩින් එකට පහලින් ලින්ක් එකක් තියනව, නැතන්ම් මෙතන ඔබන්න.

සෙල්ලම් කලා වගෙ නෙමේ හොඳ නරක කියල යන්න හොදේ.

4/26/2010

ගනිතමය ගැටලුව 13

මම අද ඉදිරිපත් කරන්න යන්නෙ. මගෙ යාළුවෙකුට වුන කරදරයක් සම්බන්දවයි.
මේකයි වුනේ. යාළුවගෙ ගේ හදල තියෙන්නෙ, හතරමං හන්දියක, ඉඩමෙ දෙපැත්තකටම පාරවල් එන විදිහට , සෘජු කෝණාස්‍ර ඉඩමක. ඉතින් දවසක් ,රජයෙන් පාරවල් පළල් කරන්න යනව කියල; ඉඩමෙ පාරට අහුවෙන පැති දෙකෙන්ම මීටර් 2 ගානෙ රජයට ගන්නව කියල, එය වර්ග මීටර් 96 ක් ලෙස ගණන් හදල තිබුන. ඒකට අලාභය ගෙවනවකියලත් තිබුන. කොහොම හරි එයා උසාවිගානෙ ගිහින් උසාවියෙන් නියෝගයක් ලැබුන. එයාගෙ ඉඩමට යාව තියන ඉඩම් රජයෙ. ඒ ඉඩම් වලින්, යාළුවගෙ ඉඩමෙ පාරවල් වලට අසු නොවන අනිත් පැති දෙකෙන් පළල පැත්ත මීටර් 3 ක්ද, දිග පැත්ත මීටර් 4 ක්ද, ගානෙ ඉඩමට යාකරන්න. ඒක එයාගෙ තිබුන ඉඩමෙ වර්ග පලයට වඩා, වර්ග මීටර් 72 ක් වැඩියි. කොහොම හරි අකරතැබ්බිය වාසියට හැරුන.

මේකයි මගෙ ප්‍රශ්ණය. ඔහුගේ මුලින් තිබූ ඉඩමේ දිග පළල කීයද?

මෙහි ඔබට නොතේරෙන යමක් තියනවනම් එයද? වෙනදාමෙන් ඔබලට කැමති දෙයක්ද මෙහි ලියා යන්න. ස්තූතියි.

4/25/2010

විසිතුරු කඩදාසි බෝලයක් හදාගමු.



මේ වීඩියෝ එකෙන් අපිට විසිතුරු කඩදාසි බෝලයක් හදාගන්න හැටි පැහැදිලි කරනව. මෙය හරියටම පැහැදිලි වෙන්නනම්, ඉවසීමෙන් දෙපාරක් තුම්පාරක් විතර බලන්න වෙනව. මමනම් මේක හැදුව. ඔබත් උත්සහ කරල බලන්න.

මේක කරල ඔබත් විනෝද වෙන්න. අමත්ක කරන්න එපා, මමත් ඉන්නව.

4/24/2010

ගුන කිරීම ගැන විග්‍රහයක්.

මෙම රූප සටහන් වලින් මම ඔයාලට තේරුම් කරන්න යන්නෙ, අංක දෙකේ ඉලක්කමකින්, තවත් අංක දෙකේ ඉලක්කමක් ගුන කරන ආකාරය හා අංක තුනේ ඉලක්කමකින් තවත් අංක තුනේ ඉලක්කමක් ගුන කරන ආකාරයයි. ඔබ ගනිතයට දක්ෂයෙක්නම්, මෙය ඉක්මනින්ම වැටහේවි.

මම 1 රූපය තේරුම් කරල දෙන්නම්. අනික තේරුම් ගැනීම ඔබට බාරයි. දැන් අපි බලමු 74 X 62 යන සංඛ්‍යා වල අග ඔලක්කම් දෙක ගුන කලහම එන පිලිතුර එනම් 4 x 2 = 8 , 1 රූපයෙහි පරිදි අවසාන ඉලක්කම වේ. ඊලඟට පලමු සංඛ්‍යවෙ මුල ඉලක්කමත්, දෙවන සංඛ්‍යාවෙ අග ඉලක්කමත්, ගුන කර එයට පලමු සංඛ්‍යාවෙ අග ඉලක්කමත්, දෙවන සංඛ්‍යාවෙ මුල ඉලක්කමත්, ගුන කර එකතු කිරීමෙන් ලබෙන සංඛ්‍යාවෙ අග ඉලක්කම එනම් (7 x 2) + (6 x 4) = 38 හි අංක 8, පිලිතුරේ තුන්වන ඉලක්කම වේ.තවද මෙහි 3 නේ ඉලක්කම, 1 රූපය පරිදි සංඛ්‍යා දෙකෙහි මුල් ඉලක්කම් දෙක ගුන කිරීමෙන් ලැබෙන පිලිතුරට එනම් 7 x 6 = 42 හි 42 ට එකතු කිරීමෙන් ලැබෙන පිලිතුර; එනම් 42 + 3 = 45 හි 4 සහ 5 , ඉහත 1 රූපය පරිදි පිලිතුරෙහි, පිලිවලින් පලමු සහ දෙවන ඉලක්කම් වේ.මම හිතනවා ඔබට දැන් පැහදිලි ඇති කියල, ඉලක්කම් දෙකක් වැඩි කරද්දි පිලිතුරු ලැබෙන හැටි. ඔයාලත් උත්සහ කරල බලන්න. මේ ක්‍රමයට ගුන කරන්න. මටනම් පහසුයි.

මෙහි ඔයාලට නොතේරෙන දෙයක් හෝ අඩුපාඩු හෝ වෙනයම් දෙයක් ඇත්නම් කමෙන්ට් එකකින් දන්වන්න. ඒ විතරක් නෙමෙයි, මම මේ කරන වැඩේට දිරි දීමක් ලෙස, මොනව හරි ලියල යන්න. ඔයාල හැමෝටම ස්තූතියි.

4/23/2010

තේරවිල්ලක් වගේ එකක්.

මේක කුනුහරුපයක් එහෙම නෙමේ ඕං.

ඔන්න අහගන්න. "අක්කට නෑ නංගිට තියනව. සමනළයගෙ මැද්දෙන් තියනව. නන්දසේනගෙ දෙපත්තෙන් තියනව." ඔය තියනව කියන දේ මොකක්ද? අනේ කුනුහරුපනම් ලියන්න එපා හොඳේ. මේක මම ස්කෝලෙ යන දවස් වල, පන්තියෙ ළමයෙක් තමයි කිව්වෙ. ඒකට කොල්ලො ටික කියපු කුනුහරුප ටික; ඒකයි මම කලින්ම කුනුහරුප ලියන්න එපයි කිව්වෙ.

බැලුව වගේ නෙමේ, උත්තරය නැතත් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.

4/22/2010

ගනිතමය ගැටලුව 12

මේකනම් ගනිත ගැටලුවකට වඩා, තර්කය පාවිච්චි කරල ඔප්පු කරන්න වෙන ගැටලුවක්. මොකක්ද දන්නවද....? දැනගන්න කියන්න එපැයි නේද? හික්..හික්. හරි අපි දැන් ප්‍රශ්ණයට යමු. 1=2 කියල ඔප්පුකරන්නෙ කොහොමද? "අපෝ මේක කරන්නෙ කොහොමද?" කියල ඔයාල හිතයි. ටිකක් අමාරුයි තමා. ඒත් ට්‍රයි එකක් දාල බලන්න. උදව්වක් දෙන්නම් මේක සමීකරනයක් මගින් කරන්න වෙන්නෙ.

ඔයාල උත්තරය බැරිනම් නිකම් යන්න එපා. අඩු තරමෙ මට බැහැ ඔයාකරල පෙන්නන්න කියල ලියලවත් යන්න. එහෙම නැතිනම් මට බැනල හරි යන්න. ස්තූතියි.

4/21/2010

ගනිතමය ගැටලුව 11

අද මම කියන්න යන්නෙ තවත් ගනිත ගැටලුවක්. මම ස්කෝලෙ යන කාලෙ මගෙ ගුරුතුමා කිව්ව එකක්. මේකෙන් කියවෙන්නෙ ගුරුතුමාගෙ වයස.
මේකයි ගැටලුව. ගුරුතුමාගෙ වයස එයාගෙ පුතාගෙ වයස මෙන් හය ගුනයකි. තවද ගුරුතුමාගෙ වයස එයාගෙ දුවගෙ වයස මෙන් හතර ගුනයකි. ගුරුතුමාගෙ බිරිඳගෙ වයස පුතාගෙ වයස මෙන් පස් ගුනයකි. ගුරුතුමා කසාද බැන්දෙ අවුරුදු විස්සෙන්ලු.
මම දැන් අහනව.
1 පවුලෙ හතර දෙනාගෙ වයස් වෙන වෙනම කීයද?.
2 පලමු ළමය ඉපුදුනෙ, බැඳල අවුරුදු කීයෙන්ද?

වෙනද වගේ පිලිතුරත් සමග ඔයාලට හිතෙන දෙයක් ලියල යන්න. (හැමෝටම බලන්න පුලුවන් විදිහට.)

4/20/2010

එක සරීරයට ඔලු දෙකක්

මේක මම ගොඩක් දවස්, මගෙ වෙබ් අඩවියට දාල. නමුත් එය ඔයාල නැරබුවද කියල මට සැකයි. මේ සිද්දිය ගැන මම හිතුව ඔයාලත් එක්ක සාකච්චා කරන්න. මට පොඩි ප්‍රශ්නයක් ආව මම කල්පනා කලා මුලින්ම ඒකෙන් අපේ සාකච්චා වටය ආරම්බ කරන්න. මට ආව ප්‍රශ්නය, රෑට හඩිස්සියෙ එක්කෙනෙකුට ටොයිලට් යන්න උනොත්, අනිත් කෙනාව ඇහරවන්න වෙනව නේද?. මුලින්ම "දෙබඩි ළමයෙක්" කියන වීඩියෝ එක බලල. සකච්චා වටයට ඔයාලට හිතෙන දේවල් ලියන්න.
කමෙන්ට් මොදරේෂන් අයින් කලා.

4/19/2010

ගනිතමය ගැටලුව 10


අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ ටිකක් වෙනස් ගැටලුවක්.
ඔයාලට පේනව ඇති මේ රෑපයෙ කොටු නමයක් තියනව. එම කොටු වලට 1 සිට 9 දක්වා ඉලක්කම් නමයක්, හරහට එකතු කලත් (උදා‍;1A+1B+1C=15), පහලට එකතු කලත්(උදා‍;1A+2A+3A=15), මුල්ලෙන් මුල්ලට එකතු කලත්(උදා‍;1A+2B+3C=15), එකතුව 15 එන විදිහට යොදන්න ඕන. හබැයි එක ඉලක්කම දෙපලක එන්නෙ නැති විදිහට ඉලක්කම් නමයම යොදන්නත් ඕන. මෙහි පිලිතුරු 1A=1,1B=8 1C=6 ආදී ලෙස සදහන් කල යුතුයි. ඔයාලට දැන් වටහෙනව අති කියල මම හිතනව.
මෙහි ප්ලිතුරුත්, ගැටලුවක් තියනවනම් ඒවාත් සටහන් කර යන්න. අනික තමයි, මගෙ වැරදිත් පෙන්නල යන්න. වැරැද්ද පෙන්නල දුන්නහම තමයි මට ඒක හදාගන්න පුලුවන්. ස්තූතියි.

4/18/2010

වර්ඩ් වෙරිපිකේෂන් ඉවත් කිරීමට චන්දයක්.

මට ප්‍රශ්නයක්, මේ වර්ඩ් වෙරිපිකේෂන් තව දුරටත් තියනවද? නැද්ද? කියන එක. මොකද රවා තමයි මට ඒ ගැන උපදෙස් දුන්නෙ. ඇත්තටම ඒක හොද ක්‍රමයක්. හැමෝටම ගැටලුව විසඳීමට ඒක හොඳ අවස්තාවක්. ඒත් මාදව කියනව ඒක අයින් කරන්න කියල. ඒක ඉවත් කරනවද? නැද්ද? කියන එක ඔයාලටම බාර කරනව.
ඔයාලට තියෙන්නෙ, වර්ඩ් වෙරිපිකේෂන් ඉවත් කරනවද? එහෙමනම් ඒකට හේතුත්, ඉවත් කරන්න එපානම් ඒකට හේතුත්, සඳහන් කර කමෙන්ට් එකක් දාන එකයි. මේක චන්දයක් ඒක නිසා මම හිතනව, හැමෝම චන්දය දායි කියල. ස්තූතියි.
තව දෙයක් කියන්න අමතක උනා. මෙම ලිපියට පමනක් මම වර්ඩ් වෙරිපිකේෂන් අයින් කලා.

4/17/2010

ගනිතමය ගැටලුව 9

ඔන්න තවත් ගනිත ගැටලුවක්,
අටේ අටකින් 1000 හදන්නෙ කොහොමද? මේකනම් ගොඩක් අය දන්නව ඇති. මේකට, එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වැනි ඕනම ක්‍රමයක් බාවිතා කරන්න පුලුවන්. ඔබට කැමති වෙනත් ඕනම ක්‍රමයකට හරි විසඳුම ගන්න පුලුවන්.
මෙහිදී මට පිලිතුර ලබාගත් ආකාරය පැහැදිලි කල යුතුයි.
තවද වෙනද වගේ අදහස් දන්වන්න.

4/16/2010

ගනිතමය ගැටලුව 8

ඔන්න අදත් මම ආව අලුත් ගනිත ගැටලුවකුත් සමග.
අවුරුදු නිසා මේ දවස් වල බෞද්ධ අය පන්සල් යනවනෙ. ඒක නිසා අද මම මේ වගේ ගැටලුවක් තෝර ගත්ත.

ඔන්න එක බෞද්ධ සැදැහැවතෙක්, මල් වට්ටියකුත් අරගෙන පන්සල් යනව; බුදුන් වඳින්න. මෙයා පලමුවෙන්ම මල් ටික දෝවනය කරනව. මෙයාගෙ සැදැහැවත් කම නිසාද මන්ද මල් ටික දෙගුන වෙනව. ඒ එක්කම මෙයාට පොඩි අද්හසකුත් එනව. මෙයාට අවශ්‍ය වෙලා තිබුන තුන් ස්ථානයකට අතේ තියන මල් ටිකෙන් වඳින්න. ඉතින් දැන් මෙයා ගනන්හදල, පලමු ස්ථානයට මල් ප්‍රමානයක් පූජකලා. ඊට පස්සෙ එයා අතේ ඉතිරි මල් ටික නැවතත් දෝවනය කලා. ඒ ටිකත් දෙගුන උනා. එයිනුත් අර මුලින් පූජ කල ප්‍රමාණයම දෙවන ස්තානයටත් පූජ කලා. නැවතත් ඉතිරි මල් ටික දෝවනය කලහම ඒකත් දෙගුන උනා. දැන් මොකද දන්නවද උනේ, එයා මුලින් ගනන් හදපු විදිහට අතේ ඉතිරි උනේ මුල් ස්ථාන වලට පූජ කල මල් ප්‍රමාණය පමනයි. ඒක එයා තුන් වන ස්ථානයට පූජ කරල. බැති සිතින් ගෙදර ගියා.
මගේ ප්‍රශ්නය.
1 එයා මල් කොපමන රුගෙන ආවාද?
2 එක ස්ථානයකට මල් කොපමන පූජ කලාද?

ඔයාලගෙ පිලිතුරු පහත කොටුවේ කොටා යන්න. තවද ඔයාලගෙ අදහස් මේකෙ ලියල යන්න.

4/15/2010

ගනිතමය ගැටලුව 7

එක්තරා කුරුල්ලො රංචුවක් පියාඹගන ගොස්, එක ගහක අතු දකක වැහැව්ව. දැන් එක අත්තක ඉන්න කුරුල්ලෙක් අනිත් අත්තෙ ඉන්න කුරුල්ලන්ට කියනව, "ඔයාලගෙන් එක්කෙනෙක් අපේ අත්තට ආවොත් ඔයාලයි අපියි සම සමව ඉන්නව" කියල. එත්කොට අනිත් අත්තෙ ඉන්න කුරුල්ලෙක් උත්තර දෙනව, " ඔයාලගෙන් එක්කෙනෙක් අපේ අත්තට ආවොත් ඔයාල වගේ අපි දෙගුනයක් වෙනව" කියල.
මගෙ ප්‍රශ්ණය,
අතු දෙකේ කුරුල්ලො කීය කීය හිටියද?
පණයට පිලිතුරු සමග වැරදි අඩු පාඩු පෙන්නා දෙන්න.
වැදගත්.................
රවා කිව්ව විදිහට වඩ් වෙරිපිකේෂන් දාල තියෙන්නෙ. ඔබේ කමෙන්ට් එක දවස් දෙකකින් පලවෙයි.

4/14/2010

සුභ අළුත් අවුරුද්දක් වේවා !



ඔබ සැමට "සුභ අළුත් අවුරුද්දක් වේවා ! "

4/13/2010

විසිතුරු කාඩ් පතක් සාදාගමු.




ඔබ මෙතනට කොටා බලන්න. මේ වීඩියෝ එක කාඩ් පතක් හදා ගන්නා හැටි ඔබට පැහැදිලි කරයි. ගොඩක් පැහැදිලි වෙන්නනම් දෙපාරක් තුන්පාරක් වීඩියෝ එක බලන්න. තවත් දෙයක්, ඔබට මෙය අත්හදා බලන්න ඕනනම් එහි පියවරෙන් පියවර වීඩියෝ එක නවත්ත නවත්ත බලන්න.
අත්හදා බලල මටත් කමෙන්ට් එකක් දාල යන්න.

ගනිතමය ගැටලුව 6

අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ, විසඳන්න පුලුවන් ගනිත ගැටලුවක්.
මේකයි ගැටලුව. 2 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 3 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 4 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 5 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 6 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 7 න් බෙදූවිට හරියටම බෙදෙන අඩුම සංඛ්‍යාව කුමක්ද?
හොඳ ළමයි වගේ පිලිතුර එක්ක හොඳ නරක ලියල යන්න අමතක කරන්න එපා හොඳද.

4/12/2010

ගණිතමය ගැටලුව 5


මෙහි සම ත්‍රීකෝන කීයක් තිබෙනවද?
මෙයත් ගණිතමය ගැටලුව 2ට සමානයි. පිලිතුරු හා අඩුපාඩු , හොඳ නරක ලියල යන්න.

4/10/2010

පුන්චි තේර විල්ලක්

ඔයාලත් තෝරල බලන්න.

මේකයි තේරවිල්ල, මම කියන්න යන පුද්ගලයින් තුන්දෙනාගෙන් එක්කෙනෙකුට ඇවිදිනත් බෑ පේනනෙත් නෑ. තව කෙනෙක්ට පේනව ඇවිදින්න බෑ. අනිත් කෙනා සාමාන්‍ය පුද්ගලයෙක්. ඇවිදින්නත් පුලුවන් ඇසුත් පේන්ව.
දැන් මේ තුන්දෙනාට, සාමාන්‍ය පුද්ගලයෙකුට පයින් එගොඩ වෙන්න පුලුවන් ඇල පාරකින් එගොඩ වෙන්න තියනව.

මගේ ප්‍රස්ණය:-

1 ඔව්න් තිදෙනා කව්ද?
2 එගොඩ වෙන්නෙ කොහොමද?

පිලිතුරත් සමග ඔබගේ අදහස් දැන ගන්නට කැමැතෙමි.