එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/17/2010

ගණිතමය ගැටලුව 20.

ඔන්න තවත් ගණිත ගැටලුවක් අරගෙන ඔයාල හමුවට අදත් මම ආව. වැඩි විස්තර නොකිය මම කෙලින්ම ගැටලුවට යන්නම්.

මෙකයි ගටලුව. ඔයාල දන්නවනෙ අපි සිංහල අවුරුද්දට කැට ගහන්න ගන්න දාදු කැටේ. ඒකෙ පැති 6 ක් තියනව කියලත් දන්නව. හරි දැන් බලමු මොකක්ද වෙන්න ඕනෙ කියල. මට කැලැන්ඩරයක් හම්බ උනා.
ඒ කැලැන්ඩරේ හදන හැටි මම ඊ ලඟ ලිපියෙන් කියල දෙන්නම්. ඒ කැලැන්ඩරේ දින ලකුනු කරන්නෙ දාදු කට දෙකකින්. 1 කේ සිට 31 දක්වා මෙම දාදු කැට දෙකෙන් පෙන්නන්න පුලුවන්. පලමු දාදු කටයෙ පැති 6 ට, අංක 6 කුත්, දෙවන දාදු කටයෙ පැති 6 ට, අංක 6 කුත්, සටහන් කිරීමෙන්, දවස් 31 ම දාදු කැටවල අංක මාරු කිරීමෙන් ලබාගත හැක. මෙම දාදු කැට දෙකට යොදන අංක මොනවාද? ඒය පලමු සහ දෙවන දාදු කැට වලට වෙන වෙනම ලබා දිය යුතු වේ. මම හිතනවා මගේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියා. උත්සහ කර බලන්න.

6 comments:

  1. සමහර අංක (7,8,9) එක කැටේකින් විතරක් ගත්තට කමක් නෑ නේද?
    පලමු කැටය,
    1,2,3,4,5,6
    දෙවන කැටය,
    0,1,2,7,8,9

    ReplyDelete
  2. මටත් හිතුනේ නම් විදුර කියපු උත්තරේම තමා......

    123456

    012789

    අංක 3ක් එක කැටේකින් එන එක අවුලක් නැතුව ඇතිනේ.......

    ReplyDelete
  3. කලින් දෙදෙනා දක්වපු පිළිතුර ම තමා මටත් එන්නේ..7,8,9
    තනි දාදු කැටයකින් තමා පෙන්වන්න වෙන්නෙ..
    ස්තූතියි...
    ජයවේවා!!!

    ReplyDelete
  4. @විදුර, හා පැටික්කි, සම්පත්,
    ඔයාල තුන්දෙනාගෙම පිලිතුරු 90% ක් හරි. හැම දිනයක්ම දාදු කැට දෙකෙන්ම පෙන්නන්න ඕන. මේකෙ පොඩි ට්‍රික්ස් එකක් තියනව. පොඩ්ඩක් කල්පනා කලොත් බැරි වෙන එකක් නෑ.
    තව දෙයක් තියනව කියන්න. මුහුනු සම්බන්දව තව ගොඩක් ගැටලු මා ලග තියනව. නමුත් හා පැටික්කිගෙ ඉල්ලීම පරිදි ගැටලු වල ස්වරූපය, මම වෙනස් කලා. ඔයාලට ස්තූතියි.

    ReplyDelete
  5. අනේ මංද එහෙනම් 9යේ අනිත් පැත්ත 6 කියල අරන් 6 තියන තැනටත් 0ක් දාන්න තමා වෙන්නේ.......

    ReplyDelete
  6. @හා පැටික්කි.
    ඔයගෙ පිලිතුර හරි. නංගිට ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.