8/23/2010
සිරි දළදා. අහල බලන්න ලස්සණයි නේද?
සිරි දළදා
තනත් තනෙන තතන තනා....
දෙන තන තානා....
සිරි දළදා හිමි සෙවනේ
හේවිසි පූජා වරුනේ...
මහිම සොබා ඔබෙන් දුටිමි
දළදා මැදුරේ...
ඔබ සුවඳ හමන පිනෙන් සාර
මලකි මල්ලියේ...
නොගොස් අකුරු ඇහිඳගන්න
මග හැර ගුරුගේ...
සැදැහැ සිතින් නැවතුනාද
දළදා මැදුරේ...//
ඔබ සුවඳ හමන පිනෙන් සාර
මලකි මල්ලියේ...
ළමාවියේ පිං සිතුවිලි
මෝරන වයසේ...
කෙලෙස් කඳුළු පිසදාගන්
පෝදා සඳ සේ...//
සිරි දළදා හිමි සෙවනේ...........
මේ බලන්න ලස්සණ සිංදුවක් නේද? මගේ හිත ගත ඇදබැඳ ගත්ත. මම හිතනව ඔයාලත් කැමති ඇති කියල. ජනනාත් වරකාගොඩගෙ හොඳ නිර්මාණයක්.
4 comments:
අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.
Subscribe to:
Post Comments (Atom)
සැහෙන කාලෙකට පස්සේ ජාලගත වුනේ. :p අපරාදෙ මට ගමේ නම් කීපයක් මිස් වුනා. ඔයා මේ වගේ දෙයක් තමන්ගේ blog එකේ දාපු එක ගැන අප්රමාණ සන්තෝසයි. මමත් ඔය ගීතය මේ දැනුයි ඇහුවේ. බෙදාගත්තට ස්තුතියි. දළදා පෙරහැරේ පුංචි ළමයෙක් (මම ගියපාර දැක්කේ එක්කෙනයි. අපේ ගමේ ඊයේ ලොකු ශාන්තිකර්මයක් තිබුනා. ඒක නිසා ඊයේ පෙරහැර බලන්න බැරිවුනා.) යනවනේ. මම හිතන්නේ එයා ගැන කියපු ගීතයක් කියලා. "නොගොස් අකුරු ඇහිඳගන්න මග හැර ගුරුගේ... සැදැහැ සිතින් නැවතුනාද දළදා මැදුරේ..."
ReplyDelete@ කාංචන දිනුක.
ReplyDeleteමම කතෝලිකයෙක්, ඒත් මේ සිංදුව ලස්සනයි. ස්තූතියි අගය කිරීමට.
මට මේක මඟ ඇරිලනේ........
ReplyDeleteලස්සන සිංදුවක් තමා.......
අපිට කොයි ආගමත් එකයිනේ නේද අයියේ.......
@ හා පැටික්කි.
ReplyDeleteඔව් නංගි......
මගෙ අදහසනම්, බ්ලොග් ලියන අපි කිසිම බේදයක් තියාගන්න හොඳ නෑ.... ස්තූතියි.