
ඔයාලට ප්‍රශ්ණයක් ඇති, මගෙ පුතා කොහෙද මේ ඉන්නෙ කියල. මෙයා යන්නෙ ඉතාලියෙ, වෙරෝන නගරයෙ, සාන්ත ලුෂිය කියන ගමේ ස්කෝලෙකට. මෙහෙ ස්කෝල වල තියන විශේෂත්වය තමයි ළමයින් කැමති ඇඳුමක් ඇඳගෙන ස්කෝලෙ යන්න පුලුවන්. ලංකාවෙ වගේ පිට ජාතිකයන්ට වෙනස් කම් කරනව අඩුයි. මේ ෆොටෝ වල හැම ළමයෙක්ගෙම නම සහ රට ඊට අදාල ෆොටෝ එකට යටින් ලියල තියනව. එය පැහැදිලි මදි නිසා නැවත එම විස්තරය, ෆොටෝ වල අනුපිලිවෙලට ලියාගෙන යනව.මගෙ පුතා ෆ්ලාවියො සෙව්මින්ද, එයාගෙ හොඳම යලුව කේවින් ලංකාව, කැතරීනා ඉතාලිය, එලියස් මොරොක්කො, කියාරා ඉතාලිය, එලෙනා ඉතාලිය, රෆ්ෆාඑලෙ ඉතාලිය, මාර්කො ඉතාලිය, මීන්හා පකිස්ථානය, ජූලියා ඉතාලිය, චන්නි චීනය, ක්‍රීස්තියන් ඉතාලිය, ජුලියානො ඉතාලිය, සමුවෙල් ඝානා, මතීය ඉතාලිය, පිලිප්පො ඉතාලිය, ෂොෆියා ඉතාලිය, බියන්ක ඉතාලිය, එලියොනෝරා ඉතාලිය, ආව්වා ඝානා.කෙටිකරල කියනවනම් දරුවො කියන්නෙ සම්පතක්, මගෙ හිතේ ඇති උන සතුටටයි ලියන්නෙ. වරදක් අඩුපාඩුවක් තියනවනම් සමාවෙන්න. මෙය කියවූ ඔබට ස්තූතියි.
පුංචි ළමයි මල් වගේනේ :)
ReplyDeleteපුංචි මල් වත්තක්........
ReplyDeleteහසිතටත්, හා පැටික්කිටත් ස්තූතියි. හදවත උනුවෙන අය තමයි මේකෙ අගේ දන්නෙ.
ReplyDeleteඇයි ඔයා ඉතාලියේ ඉන්නේ... බ්ලොග් එකේ භාෂාවත් වෙන එකක්.
ReplyDelete