එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/13/2011

පරණ උනත් තාමත් ලස්සනයි. බොනී එම්ලගෙ Rivers Of Babylon

ඔන්න මම අද ඔයාලව අතීතයට එක්කගෙන යන්න යන්නෙ. මේ සින්දුව කොච්චර පරණද? ඒත් ඒක කොච්චර ලස්සනද? මටනම් තාමත් අලුත්. ඔයාලට මොනවද? හිතෙන්නෙ.

6/12/2011

ලෝකයම හොල්ලපු රජ මගුලට මේ විහිලුව කාගෙන්ද?


එන්ගලන්තෙ රජ මගුල ඔයාල කවුරුත් දන්නවනෙ. ඒත් මේ වීඩියෝ එකේ තියෙන්නෙ කාගෙ හරි විහිළුවක්. මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද? ඔයාලට හිතෙන දේ ලියන්න. හැබැයි අසභ්‍යය නොවෙන දේ. ස්තූතියි.

6/10/2011

දිග........................ පතෝල කරලක්.

මේක මට හමුවුනෙ, 2011 ජුනි 11 වන සෙනසුරාදා "ලක්බිම" පුවත් පතේ 6 වන පිටුවෙ තිබිල. පත්තරේ කියවපු නැති අයට බලාගන්නත් එක්ක මම මෙහි පල කරමි. ස්තූතියි.

6/05/2011

තනි රෝදයෙ මෝටර් බයික් එකක්.

බලන්න ඔයාලත් කැමතිද කියල. මේක ගැන විස්තරනම් මොනවත්ම දන්නෙ නෑ. මට මේ ෆොටෝ එක විතරයි ලැබුනෙ. සමහර වෙලාවට ඉදිරියෙදි මේ වගේ එකකුත් පදින්න ලැබේවි.

6/04/2011

කුරුමිණියෙක් පිට හෑරුවත් නොසෙල්වී ක්‍රිස්තු චරිතය රඟපෑ ඔහු.

මෙම සිදුවීම මීට වසර 40කටත්, 50කටත් අතර සිදුවීමකි. ඔහු නමින් මලකියස් පෙරේරා. ඒ කාලෙ බොරලැස්ස කියන ගමේ පාස්කු පෙන්නල තියනව. මේ කියන කෙනා තමයි ජේසුගෙ චරිතය රඟපාල තියෙන්නෙ. ඉතින් මේ සිද්දිය උන අවුරුද්දෙ මෙයා කුරුසෙ ඇන ගහන හරිය රඟපාද්දි චරිතයට නොගැලපෙන විදිහට මෙයාගෙ සෙලවීමක් දැක්ක පුහුණුකරු යට ඉඳල සෙනගට නොපෙනෙන්න මෙයාට තුවක්කුව (උකුත් වෙන වෙලාවෙ උඩට වෙඩි තියන තුවක්කුව ) දික්කරල "හෙල්ලුනොත් වෙඩි තියනව " කියල තියනව.
ඒ බයට හරි එයාගෙ චරිතය හරියට කරන්න ඕන කියල හිතිල හරි, මෙයා නොසෙල්වී ඉඳල. කතෝලික අයනම් දන්නව, ඒ චරිතයෙ ඒ අවස්තාව සෑහෙන වෙලාවක් කරන්න වෙනව. කොහොම හරි මේ දර්ශණය ඉවර වෙලා මෙයාව කුරුසයෙන් බාල බලනකොට පිටේ ලොකු තුවාලයක් තිබිල. ඒකට හේතුව තමයි පිටේ කුරුමිණියෙක් ඉඳල තියනව. ඒකට තමයි මෙයා දඟලන්න හදල තියෙන්නෙ.


කතාවක් කිව්වට මට අවශ්‍ය කරන තැනට ආවෙ දැනුයි. මෙයා මගෙ ලොකු තාත්ත. ඒ කියන්නෙ මගෙ අම්මගෙ තාත්ත. ඔන්න මම දැන් ආව ඔයාල දකින මේ පරණ ෆොටෝ එකට. මෙහි ඉන්නෙ මමයි, මගෙ අම්මයි, මගෙ ලොකු තාත්තයි. මේ කතාවෙ වැඩි විස්තර දන්න, හෝ මේ සම්බන්දව යමක් දන්න කෙනෙක් ඉන්නවනම් ලියන්න. ඊට අමතර ඔබේ අදහසුත් පලකරන්න අවස්තාව තියනව. මෙය කියවූ ඔබ සැම දෙනාටම ස්තූතියි.

6/02/2011

පින්තූරයට කවියක්.

මම අද අලුත් දෙයක් අරගෙන ආව. කවි ලියන්න දන්නෙ නැති උනාට මම කවි වල රස විඳින්න ආසයි. ඉතින් මම හිතුව මේ ලස්සන පින්තූරය ඔයාලට ඉදිරිපත් කරල එයට ගැලපෙන ලස්සන කවි පන්තියක් හෝ නිසදැසක් ඔයාලගෙන් ඉල්ලන්න. කවියො කිවිඳියො ඉන්නවනම් ලියන්න. ස්තූතියි.

5/31/2011

"හෙළ කිතුනු ගී" ඔබට ස්තූතියි.

කාලෙකට පස්සෙ උනත් මම අදනම් හදිසියෙ මේක ලියන්නෙ. හේතුව නොලියම බැරි නිසයි. "හෙළ කිතුනු ගී" ඔබට ස්තූතියි. මගෙ ඉල්ලීම පරිදි ඔයා ගරු තිලකසිරි ප්‍රනාන්දු සොයුරු තුමාගෙ  "ජීවිතේ එදා" යන ගීතිකාව ඔයාගෙ සයිඩ් එකේ පල කලාට. මගෙ සයිඩ් එකෙන් ලින්ක් එකකුත් දැම්ම. ස්තූතියි ආයෙත්.  


4/13/2011

සුභ අලුත් අවුරුද්දක් වේවා!


මගේ බ්ලොග් හිත මිතුරන්ට සාමය සතුට සපිරි වාසනාවන්ත නව වසරක් වේවා!

4/01/2011

ක්‍රිකට් සජීවීව නරඹමු.

අපි කවුරුත් පුල පුලා බලාගෙන ඉන්නෙ, ඉන්දියාවෙ මුම්බායි වල පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාව දිනයිද, ලංකාව දිනයිද කියා නේද? ඒත් ඒ තරඟය ස්ජීවීව නැරඹීම පිට රට ඉන්න අපිට ටිකක් දුස්කරයි. ඒ නිසා මම හිතුව මේ වගේ සබැඳි ටිකක් ඔයාලට දෙන්න. මේ වගෙ සමහරක් ඔයාල පවිච්චි කරනවත් ඇති. නමුත් දුස්කරතා ඇතිවන නිසා හොඳ එකක් තෝරගෙන බලන්න. ප්‍රස්ණ තියනවනම් විමසන්න. හැබැයි හෙට තරඟය පටන් ගන්න කලින්. ස්තූතියි.

1. සබැඳිය.
2. සබැඳිය.
3. සබැඳිය.
4. සබැඳිය.
5. සබැඳිය.
6. සබැඳිය.
7. සබැඳිය.
8. සබැඳිය.
9. සබැඳිය.

3/27/2011

අහෝ මාගේ පව් නිසා ඔබ‍ට එසේ වුනේ

ජේසුනී මරණයට යෙදෙව්වෝ කවුරුද?


අහෝ මාගේ පව් නිසා ඔබ‍ට එසේ වුනේ


ජේසුනී හොරුන්ට මෙන් නීච කළෝ කවුරුද?
ජේසුනී ගල්කණුවේ ඔබ බැන්ඳෝ කවුරුද?
ජේසුනී තද මිටින් ගැසුවෝ කවුරුද?
ජේසුනී කටුවලින් ඇනුවෝ කවුරුද?
ජේසුනී මුහුණට කෙළ ගැසුවෝ කවුරුද?
ජේසුනී වැරහැලි පෙරෙව්වෝ කවුරුද?
ජේසුනී ගලමත හි‍‍ඳෙව්වෝ කවුරුද?
ජේසුනී බට දඬු අතට දුන්නෝ කවුරුද?
ජේසුනී කුරුසිය කරතැබුවෝ කවුරුද?
ජේසුනී කල්වාරියේ යැව්වෝ කවුරුද?
ජේසුනී වස්ත්‍ර කඩා දැමුවෝ කවුරුද?
ජේසුනී නිර්වස්ත්‍රයෙන් හි‍ඳෙව්වෝ කවුරුද?
ජේසුනී කුරුසියේ ඇණ ගැසුවෝ කවුරුද?
ජේසුනී ඇණ තුන පියවුවෝ කවුරුද?
ජේසුනී කාඩිදිය පෙව්වෝ කවුරුද?
ජේසුනී කුරුසියේ මැරුවෝ කවුරුද?
ජේසුනී හෙල්ලයෙන් ඉල ඉරුවෝ කවුරුද?
ජේසුනී මව් උකුලේ පිනවුවෝ කවුරුද?
ජේසුනී ගිරිලෙන තුළ ලූවෝ කවුරුද?






3/26/2011

ටොස් එක එන්ගලන්තෙට.

ටොස් එක එන්ගලන්තෙට.
බලමු මොකද වෙන්නෙ කියල. ඔයාලත් බලනව නේද?

3/20/2011

ලෝ දනාගේ පවු බර මෙසේ ඉසිලූ සේක.



මේ පාස්කු කාලය නිසා, මම කල්පනා කලා මේ වගේ ගීතිකාවක් ඔයාලට අහන්න සලස්වන්න. කතෝලික අපට නම් මේ ගීතිකා නිතරම ඇහෙනව. ඒත් ඒකෙන් යමක් අපි හදවත් තුලට ගන්නවද කියන එක සැකයි. මේ වගේ ගීතිකා වලට අපි පසන් කියලත් කියනව.


   මෙම විඩියෝ එක බලමින් ගීතිකාවට හොඳින් සවන් දෙන්න. ජේසුව හදවතට ලංකරගන්න උත්සහ කරමු. ස්තූතියි.

3/09/2011

"දෙපා ළඟ" වැටීලා වඳිමු දන නමා.


දෙපා ළඟ තබාලා පස් පියුම් නෙලා
මෑණියන් පුදාලා පහන් දල්වලා
ඇයට ඇස යොමාලා මෑණියේ කියා
දේව මව් තුරුල්ලේ පහස යමු සොයා


සුවඳ මල් නෙලාලා සුවඳ දිය හලා
මල් පැලක් තනාලා රන් රිදී තලා
පුදසුනක් තනාලා මල් පැලේ තියා
දෝතදී පුදාලා වඳිමු ගී ගයා


වඳිමි දුම් පුදාලා වඳිමි හිස නමා
කැකුළු වැල් සදාලා ගෙල වටේ දමා
වඳිමි මම කියාලා වඳිමි මල් තියා
වඳිමි දන නමාලා හදේ නම ලියා

3/05/2011

"අදහමී"එකම විස්වාශයෙන්

කාලෙකට පස්සෙ අලුත් ලිපියක්.

අදහමී දිව්‍ය සත්ප‍්‍රසාදෙනී
බැතියෙන් සමරමි ස්වර්ග රන් නිධානෙනී
ජීවත් කරමී මගෙ ජීවිතෙන්
ජේසු ක‍්‍රිස්තු සමිඳු දිව්‍ය සත්ප‍්‍රසාදෙනී


ස්වර්ග අසිරි සිරිය ඔබයි දිව්‍ය සත්ප‍්‍රසාදෙනී
පරම අමිල වරම ඔබ සුරම්‍ය සුර විමානෙනී
සංතෘප්ත වී ඒ අසිරියෙන්...//
පාප සාප දුරු කරන්න අසිරියක් වෙමි


ස්වර්ගයෙන් සැපත්වු අමිල බොදුන ඔබයි සමිඳුනී
බොදුන බුදින සුදන කිසිම දිනක නොදනි කුසගිනී
සංතෘප්ත වී ඒ භෝජනෙන්...//
දුගී පැලක ඉදෙන බතක රහස මම වෙමි


ගොල්ගොතාවේ කුරුස කන්දෙ ගැලුව රුධිරෙ ජේසුනී
රැගෙන බොන්න රාත‍්‍රි භෝජනේදී දුන්නු පාත්‍රෙනී
සංතෘප්ත වී ඒ රුධිරයෙන්...//
පවස නිවන දිය දෝතක රහස මම වෙමි


වික‍්‍රමාන්විතෙන්ම අසුන් අරන බැටලු පොව්වෙනී
අග‍්‍ර ස්වර්ග දූත, මරිමවුන්ද, ශුද්ධවන්තිනී
සංතෘප්ත වී ඒ නිමේශයෙන්...//
ස්වර්ග මිහිර දැන්ම විඳිමු සත්ප‍්‍රසාදයෙන්

1/28/2011

ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

මේ සින්දුවෙ සියලුම වැඩ කටයුතු කෙරෙන්නෙ ඉතාලියෙ වෙරෝන නගරයෙ. ලඟදීම බලාපොරොත්තු වන්න.

12/22/2010

පරණ සිංදුවක් අලුත් තාලෙකට.


මේ සිංදුව මේ විදිහට ඇහැව්වෙ අදයි. ඔයාලත් අහල බලන්න. අමුතු ගතියකුත් තියනව.

12/20/2010

ලස්සන සිංදු 9.


කාලෙක හොඳටම ජනප්‍රිය වෙච්ච ෆිල්ම් එකක, ලස්සන සිංදුවක්.

12/18/2010

2011 දිනදසුනක් ඕන කර තිබේ.

මට 2011 දිනදසුනක් ඕන කර තිබේ. මේහි වැදගත්ම කරුන, පෝය නිවාඩු ඇතුලු අනිකුත් රජයේ නිවාඩු දිනයන් ඇතුලත් වී තිබීමයි. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ උදව්ව කරන්න. ස්තූතියි.

12/17/2010

ලස්සන සිංදු 8.


මේ සින්දුව කොහොමද කියල බලන්න. එල නේද?

12/16/2010

ලස්සන සිංදු 7.


මේ සින්දුව කවුරුත් අහල ඇති. ඒත් අහන්න අහන්න ආස හිතෙන සින්දුවක්. ෆිල්ම් එක Millionare.