එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/13/2010

ගමක නමක් 14.

ලේසියි වගේ හිතුන නිසා ගමවල් 2 ක්ම අරගෙන ආව.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

11 comments:

  1. Uku-Wela
    Aela-Kada

    ReplyDelete
  2. @ නමක් නැති ඔබ.
    ඔබේ පිලිතුරේ, දෙවන ගමේ දෙවන ඉඟිය වැරදියි. පලමු ගමේ පලමු ඉඟියත් වැරදියි. හැබැයි ඔබ සිතූ ඉඟිය එලසින්ම දැම්මනම් නිවැරදි පිලිතුරු ලැබේවි.

    දෙවන ගමේ දෙවන ඉඟියට උදව්වක් කරන්නම්. රා ගැනීම සඳහා පොල් ගස් නගින අය, නැගීම ලේසි කර ගැනීමට පොල් මට්ටයක් ගසට තබා ලනුවකින් බැඳ ගැනීම. එයට අපි නමක් කියනව.

    ReplyDelete
  3. 1. උකුවෙල
    2. ඇලහැර

    ReplyDelete
  4. @ බන්ඩාර.
    ඔයත් මුල් ගමේ පලමු ඉඟිය වරද්දල. හැබැයි මම හිතන ජාතියෙ ගමක් නැද්ද දන්නෙ නැ. ඒක නිසා පලමු ගම මෙන්න.
    "උක්වෙල"
    ස්තූතියි ඔබට.

    ReplyDelete
  5. දෙවෙනි ගම ඇලහැර

    ReplyDelete
  6. අයියෝ දෙවෙනි එක බැරියෝ

    ReplyDelete
  7. මම හරි. ඔයාල නැණසලට ගිහින්, නැණසල පිලිබඳ සෙවීම තුලින් දිස්ත්‍රීක්කය තෝරන්න, කියන කොටුවෙ මාතලේ දිස්ත්‍රීක්කය තෝරා, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තෝරන්න කොටුවෙන් උක්වෙල ගම හොයාගන්න පුලුවන්

    ReplyDelete
  8. @ උන්නැහැ.
    ඔබ දෙවන ගම නිවැරදිව ලියා තියනව. ස්තූතියි.

    ReplyDelete
  9. @ නමක් නැති ඔබ.
    උත්සහ කරල බලන්න. උත්සහ වන්තය ජය ගනී කියල කතාවක් තියනවනෙ. ඔයාගෙ විශේෂත්වයක් දැක්ක. නමක් නැති උනත් බැහැනම් බැහැ කියල කියනව අඩුයිනෙ. :b :b :b

    ReplyDelete
  10. මාතලෙ තියෙන්නෙ උකුවෙල.... උක්වෙල කියල තැනක් මට අහු උනේ නෑනෙ

    ReplyDelete
  11. @ බන්ඩාර.
    ඔයා ඇතුලු මෙම ලිපිය කියවපු හැමෝගෙන්ම මම සමාව ඉල්ලා සිටිනව. ඕනාවට වඩා කිසිම කෙනෙක්ව විස්වාස කරන්න හොඳ නෑ. නැණසල කියන්නෙ රජයේ නිල වෙබ් අඩවියක්. ඔයා මම ඉහත කියල තියන ආකාරයට ගොස් බැලුවනම්, ඒකෙ තියෙන්නෙ උක්වෙල කියල. ඒත් මම සිතියමෙන් මාතර ක්ලික් කලහම තිබුන උකු වෙල කියල. කෙසේ නමුත් වැරැද්ද මම බාර ගන්නව. ඔයාට ස්තූතියි වැරැද්ද පෙන්නල දුන්නට. :k

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.