එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/16/2010

ගනිතමය ගැටලුව 8

ඔන්න අදත් මම ආව අලුත් ගනිත ගැටලුවකුත් සමග.
අවුරුදු නිසා මේ දවස් වල බෞද්ධ අය පන්සල් යනවනෙ. ඒක නිසා අද මම මේ වගේ ගැටලුවක් තෝර ගත්ත.

ඔන්න එක බෞද්ධ සැදැහැවතෙක්, මල් වට්ටියකුත් අරගෙන පන්සල් යනව; බුදුන් වඳින්න. මෙයා පලමුවෙන්ම මල් ටික දෝවනය කරනව. මෙයාගෙ සැදැහැවත් කම නිසාද මන්ද මල් ටික දෙගුන වෙනව. ඒ එක්කම මෙයාට පොඩි අද්හසකුත් එනව. මෙයාට අවශ්‍ය වෙලා තිබුන තුන් ස්ථානයකට අතේ තියන මල් ටිකෙන් වඳින්න. ඉතින් දැන් මෙයා ගනන්හදල, පලමු ස්ථානයට මල් ප්‍රමානයක් පූජකලා. ඊට පස්සෙ එයා අතේ ඉතිරි මල් ටික නැවතත් දෝවනය කලා. ඒ ටිකත් දෙගුන උනා. එයිනුත් අර මුලින් පූජ කල ප්‍රමාණයම දෙවන ස්තානයටත් පූජ කලා. නැවතත් ඉතිරි මල් ටික දෝවනය කලහම ඒකත් දෙගුන උනා. දැන් මොකද දන්නවද උනේ, එයා මුලින් ගනන් හදපු විදිහට අතේ ඉතිරි උනේ මුල් ස්ථාන වලට පූජ කල මල් ප්‍රමාණය පමනයි. ඒක එයා තුන් වන ස්ථානයට පූජ කරල. බැති සිතින් ගෙදර ගියා.
මගේ ප්‍රශ්නය.
1 එයා මල් කොපමන රුගෙන ආවාද?
2 එක ස්ථානයකට මල් කොපමන පූජ කලාද?

ඔයාලගෙ පිලිතුරු පහත කොටුවේ කොටා යන්න. තවද ඔයාලගෙ අදහස් මේකෙ ලියල යන්න.

8 comments:

  1. මල් 70ක් තමා මට ආවේ.....

    ReplyDelete
  2. හා පැටික්කිට මොලේ හොඳ නෑ .... අහපු දේට නෙමෙයිනේ උත්තර දුන්නේ...... :( :( :( :(

    මල් 35ක් ගෙනාවා....
    40 ගානේ පූජ කරා...

    ReplyDelete
  3. හා පැටික්කිත් හරි මම වැරදිල මොදරේෂන් අයින් කෙරුවෙ. මම බලාපොරොත්තු උන පිලිතුර ඔයිට අඩු ගානක්. කෙසේ වෙතත් ස්තූතියි ඔයාට.

    ReplyDelete
  4. මල් 7යි ගෙනාවෙ, 8 ගාණෙ පූජ කළා.

    ReplyDelete
  5. ((2x-y)*2 - y )*2 = y

    x/7 = y/8 = t

    t ට බින්දුව ඇර ඔනැම ධන ඉලක්කමක් දැම්මහම හරි..

    ‍x කියන්නෙ ගෙනාපු මල් ගනන
    y කියන්නෙ පුජා කරපු මල් ගනන

    ලොජික් ගැටලු නැද්ද..?

    ReplyDelete
  6. රවාටයි, මාදවටයි
    රවා පැහැදිලිවම උත්තරය ගන්න හැටි ලියල තියනව.
    මාදවගෙත් උත්තරය හරි.

    ඔයාලගෙ කමෙන්ට් පසුව පල කරන්නම්. ස්තූතියි.

    ReplyDelete
  7. @රාවා
    tට යොදන අගය මත xහා y අගයන් වෙනස් වෙනවනේ.එත් එයා මුලින් ගෙනාපු මල් ගණන (X) නියතයක් නේද? X නියත නිසා එතකොට Yත් නියතයක් වෙනවා නේද?

    @peter bernard dolahamunage
    මේකේ එක සමීකරණයයි එන්නේ.((2x-y)*2 - y )*2 = y
    එකෙන් කොහොමද නියත දෙකම හොයන්නේ?

    "එයා මුලින් ගනන් හදපු විදිහට අතේ ඉතිරි උනේ මුල් ස්ථාන වලට පූජ කල මල් ප්‍රමාණය පමනයි" මේකෙන් අදහස් වෙන්නේ ඉතිරි මල් ගණන මුල් ස්ථන වලින් එකකට පුජා කරපු මල් ගණනට (Y) ට සමාන බවද? නැත්නම් මුල් ස්ථාන දෙකටම පුජා කල මල් වල එකතුවට (2Y) සමාන බවද?

    ReplyDelete
  8. ලහිරුට,

    ඔයා රවාගෙ පිලිතුර හරියට තේරුන් අරගෙන නෑ. මේ බලන්න.
    X/7=t , ‍Y/8=t, මෙහි t වලට 1 දැම්මම X=7, ‍Y=8, ත් එනව. ඔයා 1 වෙනුවට 5 දාල බලන්න. හා පැටික්කිගෙ උත්තරය එනව. හරි නේද ලහිරු.ස්තූතියි ඔයාට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.