එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/13/2010

ගනිතමය ගැටලුව 6

අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ, විසඳන්න පුලුවන් ගනිත ගැටලුවක්.
මේකයි ගැටලුව. 2 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 3 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 4 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 5 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 6 න් බෙදුවත් 1 කක් ඉතුරු වෙන, 7 න් බෙදූවිට හරියටම බෙදෙන අඩුම සංඛ්‍යාව කුමක්ද?
හොඳ ළමයි වගේ පිලිතුර එක්ක හොඳ නරක ලියල යන්න අමතක කරන්න එපා හොඳද.

11 comments:

  1. 1‍‍x2x3x4x5x6 + 1 = 721
    හරිද...

    හොදයි මෙහෙම එකක් පටන් ගත්තු එක..

    word verification එක අයින් කරන්න.. අපිට ලෙසි එතකොට..

    ReplyDelete
  2. රවා ඔයාගෙ ගාණත් හරි. නමුත් මම ඇහැව්වෙ අඩුම සංඛ්‍යාව මොකක්ද කියල. ආයෙත් ට්‍රයි කරල බලන්න. ස්තූතියි ඔයාට.

    ReplyDelete
  3. හා පැටික්කි කියන්නේ 91...
    ඔය වගේ ගණිත ගැටළු නම් ෂෝක් අයියේ.....

    ReplyDelete
  4. මටහිතෙන්නේ 301 කියලයි... ගියපාර වගේ ඔන්න හදාපු ක්‍රමය දැම්මේ නෑ ඕං

    ReplyDelete
  5. 301
    කුඩාම ධන සංඛ්‍යාව කිවුවනම් නේද ප්‍රශ්නෙ හරියටම හරි ?

    ReplyDelete
  6. හා පැටික්කියේ 91 හතරෙන් බෙදුවම තුනක් ඉතිරි නේ... :-(

    ReplyDelete
  7. තිස්ස අයියා හරි... මොකද මට අමතක වුනා..
    3x2 = 6 ලත්, 2‍‍x2 = 4 කියලත්.

    සයිට් එකෙ වටිනාකම වැඩි වෙන්න.. මෙන්න වැඩක්

    settings -> comments -> Comment moderation

    කියන තැන Always කියන විකල්පය තොරන්න.. එතකොට හරි උත්තරය කෙනෙක් දැම්මත් .. ඔයා එක අනුමත කරනකම් බ්ලොග් එකෙ පෙන්වන්නෙ නැහැ.. ඔයාට පුළුවන්නම් එ අතර අහවලා හරි උත්තරය දැම්ම කියලා කියන්න නියමයි..එතකොට තවත් කෙනෙක් නොමග යන එකත් නතර වෙනවා..

    settings -> comments -> Show word verification for comments? කියන තැනදි no කියලා තොරන්න.. එතකොට අපිට කීබොර්ඩ් මාරු කරකර දඟලන්න ඔනා වෙන එකක් නැහැ.. මමත් කාලයක් තිස්සෙ කරන්න හිටපු වැඩක් මෙ ඔයා පටන් අරන් තියන්නෙ.. නියමයි.. සිංහලෙන් මෙවගෙ දෙයක් කරනවට ස්තුති..

    ReplyDelete
  8. Q තිස්ස
    ඇත්ත නේන්නම්..... මදෑ ඉතින් වයර් පැටලිල කොරා වැඩක්......
    ස්තූතියි අයියේ කිව්වට.....
    301 තමා තමා.....

    ReplyDelete
  9. හා පැටික්කිට, තිස්සට, චානකට
    මම නති උනාට ලස්සන සන්වාදයක් ඔයාල අතර ගිහින් තියනව. මට ගොඩක් සන්තෝසයි. ඔයාල ඔක්කොටම ස්තූතියි. ඔයාලගෙ සහයෝගය මට ලොකු හයියක්.
    රවා කිව්ව විදිහට මම නැවතත් ට්‍රයි එකක්දාල බලන්නම්. ස්තූතියි රවා.

    ReplyDelete
  10. රවා කිව්ව විදිහට කලා. බලමු දැන් මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
  11. පිළිතුර 301
    මම එය විසඳුවේ පහත ජාවා program එක මගින්.
    class Solution{
    public static void main(String[] args){
    for(int i=0;i<1000;i++){
    boolean cond=((i%2==1) && (i%3==1) && (i%4==1) && (i%5==1) && (i%6==1) && (i%7==0));
    if(cond){
    System.out.println(i);
    }
    }
    }
    }

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.