එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/26/2010

ගනිතමය ගැටලුව 16


කාලෙකට පස්සෙ ඔන්න තවත් ගනිත ගැටලුවක් ඉදිරිපත් කරන්නයි යන්නෙ. මෙම පින්තූරයේ ඔබට පේනව ඇති ගිනි කූරු 16 කින් හතරැස් කොටු 5 ක් සාදා ඇති ආකාරය. මේකයි විසඳීමට ඇති ගැටලුව. මෙහි ඇති ගිනිකූරු 16 න් ගිනිකූරු 2 ක් පමනක් ඉවත් කර, නැවත වෙනත් තැනක තබා හතරැස් කොටු 4 ක් එන ලෙස, මෙම රූප සටහන වෙනස් කල යුතුයි.ගිනිකූරු ඉතුරු වූවොත්, එය නිවැරදි පිලිතුර නොවනු ඇත.
මෙහි ඔබට පහසු වන ලෙස, ගිනිකූරු වලට රතු අංකත්, ගිනිකූරු ඉවත් කර නැවත තබන තැන්වලට කොළ අංකත්, යොදා ඇත. තවද, ඔබ පිලිතුරු සැපයීමේදී, "උදාහරනයක් ලෙස, අංක එක ගිනිකූර, අංක පහ ස්තානයට ගෙන ගියා." ආදී වසයෙන් සඳහන් කිරීමෙන් නිවැරදිව තේරුම් ගැනීමට හැකිවනු ඇත. මම හිතනව ඔබට මෙය පැහැදිලි ඇති කියල. නිවැරදි පිලිතුර පසුව බලාපොරොත්තු වන්න.

7 comments:

  1. හැදෙන හතර සමචතුරශ්‍ර වෙන්න ඕනෙද ? නැත්තන් චතුරශ්‍ර 4 ක්ද ?

    ReplyDelete
  2. සම චතුරශ්‍ර වෙන්න ඕන. ඔය තියන විදිහෙම කොටු.

    ReplyDelete
  3. Red 5 ==> Green 1
    Red 6 ==> Green 2

    ReplyDelete
  4. අහ් වැරදිනෙ . 5ක් හැදෙනවනෙ

    ReplyDelete
  5. චානක ඔය ක්‍රමයට තමයි පිලිතුරු ඉදිරිපත් කරන්නෙ. ට්‍රයි කරන්න.

    ReplyDelete
  6. Red 12 ==> Green 3
    Red 6 ==> Green 4

    ReplyDelete
  7. මේ comment box එකෙයි එකේ තව සමහර තැන් වලයි මොකක්දෝ අමුතු භාෂාවක් තියෙන්නෙ. පුළුවන්නම් ඒක ඉංග්‍රීසි කරන්න

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.