එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/28/2010

ගනිතමය ගැටලුව 17



වැඩ ඉවර වෙලා ගෙදර ආවහම හරි මහන්සියි. ඒත් ඔයාලත් එක්ක යමක් බෙදා ගත්තහම, ඒ අමාරු ඔක්කොම නැතිවෙලා යනව. අද මම ඉදිරිපත් කරන්න යන ගැටලුව මේකයි. ඔයාලට පේනව ඇති මේ රූප සටහන. එය කොටස් 5 කට බෙදල තියනව. එහි අඳුරු කල කොටස, කොටසක් ලෙස ගනන් නොගනී. තවද, මෙම රූප සටහනට ඉංග්‍රීසි අකුරු යොදා තිබෙන්නේ ඔබට පිලිතුරු සැපයීමේ පහසුවටයි. හරි දැන් මම ප්‍රශ්නය ඉදිරිපත් කරන්නම්.
  1. පලමු කොටස සමාන කොටස් දෙකකට බෙදන්නෙ කොහොමද?

  2. දෙවන කොටස සමාන කොටස් තුනකට බෙදන්නෙ කොහොමද?

  3. තුන්වන කොටස සමාන කොටස් හතරකට බෙදන්නෙ කොහොමද?

  4. හතරවන කොටස සමාන කොටස් හතකට බෙදන්නෙ කොහොමද?


මෙයට පිලිතුරු සෙවීමේදී ඔබගෙ ජ්‍යාමිතික දැනුම බාවිතාකරන්න. මෙයට පිලිතුරුත්, හොඳ නරකත් බලාපොරොත්තු වෙමි. ස්තූතියි.

3 comments:

  1. 1. AE රේඛාව මගින් පළමු කොටස දෙකට බෙදෙයි..


    2. F සිට BK හා BL ට අදින ලද ලමබ රේඛා මගින් සමාන කොටස් තුනක් සැදෙවි

    3.

    ------
    | |
    | ---|
    | | |
    |___| |
    | | ---------
    | |______| |
    | | |
    |---------------

    4. පාද හතරෙ මධ්‍ය ලක්ෂයන් සම්මුක පාදයන්ගෙ මධ්‍යලක්ෂයන් හා යාකරද්දි සමාන කොටස් හතරක් ලැබෙ..

    ReplyDelete
  2. තුන්වැනි පිළිතුර මම දාපු එක හරියට වැටිලා නැහැ... මම මෙහෙම දෙයක් කියන්නම් 3 වැනි පිලිතුරෙ එන හැඩය L අකුරු 4 . එක L පිටත තිබෙන මුලු තුනට අනිත් L අකුරුවල ඇතුලත ශිර්ෂය සමපාත කරපු හාම හරි

    ReplyDelete
  3. රවා, ඔයාගෙ 1 හා 2 පිලිතුරු වල ගැටලුවක් නෑ. 4 වන පිලිතුර ඔයා තේරුම් අරගෙන තියනව, වැරදියි. එය කොටස් හතරකට නෙමේ, කොටස් හතකට, බෙදෙන්න ඕන. 3 වන පිලිතුරත් මට පැහැදිලි මදි. සමහර විට ඔයා හරි පිලිතුර ඉදිරිපත් කලා වෙන්න පුලුවන්. කොහොම නමුත් ඔයාට ස්තූතියි, ට්‍රයි කලාට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.