එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/24/2010

ගුන කිරීම ගැන විග්‍රහයක්.

මෙම රූප සටහන් වලින් මම ඔයාලට තේරුම් කරන්න යන්නෙ, අංක දෙකේ ඉලක්කමකින්, තවත් අංක දෙකේ ඉලක්කමක් ගුන කරන ආකාරය හා අංක තුනේ ඉලක්කමකින් තවත් අංක තුනේ ඉලක්කමක් ගුන කරන ආකාරයයි. ඔබ ගනිතයට දක්ෂයෙක්නම්, මෙය ඉක්මනින්ම වැටහේවි.

මම 1 රූපය තේරුම් කරල දෙන්නම්. අනික තේරුම් ගැනීම ඔබට බාරයි. දැන් අපි බලමු 74 X 62 යන සංඛ්‍යා වල අග ඔලක්කම් දෙක ගුන කලහම එන පිලිතුර එනම් 4 x 2 = 8 , 1 රූපයෙහි පරිදි අවසාන ඉලක්කම වේ. ඊලඟට පලමු සංඛ්‍යවෙ මුල ඉලක්කමත්, දෙවන සංඛ්‍යාවෙ අග ඉලක්කමත්, ගුන කර එයට පලමු සංඛ්‍යාවෙ අග ඉලක්කමත්, දෙවන සංඛ්‍යාවෙ මුල ඉලක්කමත්, ගුන කර එකතු කිරීමෙන් ලබෙන සංඛ්‍යාවෙ අග ඉලක්කම එනම් (7 x 2) + (6 x 4) = 38 හි අංක 8, පිලිතුරේ තුන්වන ඉලක්කම වේ.තවද මෙහි 3 නේ ඉලක්කම, 1 රූපය පරිදි සංඛ්‍යා දෙකෙහි මුල් ඉලක්කම් දෙක ගුන කිරීමෙන් ලැබෙන පිලිතුරට එනම් 7 x 6 = 42 හි 42 ට එකතු කිරීමෙන් ලැබෙන පිලිතුර; එනම් 42 + 3 = 45 හි 4 සහ 5 , ඉහත 1 රූපය පරිදි පිලිතුරෙහි, පිලිවලින් පලමු සහ දෙවන ඉලක්කම් වේ.මම හිතනවා ඔබට දැන් පැහදිලි ඇති කියල, ඉලක්කම් දෙකක් වැඩි කරද්දි පිලිතුරු ලැබෙන හැටි. ඔයාලත් උත්සහ කරල බලන්න. මේ ක්‍රමයට ගුන කරන්න. මටනම් පහසුයි.

මෙහි ඔයාලට නොතේරෙන දෙයක් හෝ අඩුපාඩු හෝ වෙනයම් දෙයක් ඇත්නම් කමෙන්ට් එකකින් දන්වන්න. ඒ විතරක් නෙමෙයි, මම මේ කරන වැඩේට දිරි දීමක් ලෙස, මොනව හරි ලියල යන්න. ඔයාල හැමෝටම ස්තූතියි.

3 comments:

  1. මේ ක්‍රමය ඕනම තරමක් දිගින් යුත් ඉලක්කම් දෙකකට යොදන්න පුළුවනි. මැට්රික්ස් ගුණ කරන විදියේම සමරූපි ක්‍රමයක් විදියට ප්‍රදර්ශනය කරන්න පුළුවන්.

    එකම වෙනස වන්නේ ගුණ කිරීමේ රටාව දකුණෙන් වමට සහ වමෙන් දකුණට යනාදී වශයෙන් පිළිවෙල ප්‍රති-හුවමාරුවක් වීම පමණයි.

    හොඳ වෑයමක්.

    ReplyDelete
  2. Hermitian,ඔයාට ස්තූතියි මාව දිරිමත් කලාට.

    ReplyDelete
  3. mata ilakkum 4k sahitha agayan 2k me kramayata guna karana akaraya poddak ihatha paridi pennanna puluwanda?

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.