එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/21/2010

ගනිතමය ගැටලුව 11

අද මම කියන්න යන්නෙ තවත් ගනිත ගැටලුවක්. මම ස්කෝලෙ යන කාලෙ මගෙ ගුරුතුමා කිව්ව එකක්. මේකෙන් කියවෙන්නෙ ගුරුතුමාගෙ වයස.
මේකයි ගැටලුව. ගුරුතුමාගෙ වයස එයාගෙ පුතාගෙ වයස මෙන් හය ගුනයකි. තවද ගුරුතුමාගෙ වයස එයාගෙ දුවගෙ වයස මෙන් හතර ගුනයකි. ගුරුතුමාගෙ බිරිඳගෙ වයස පුතාගෙ වයස මෙන් පස් ගුනයකි. ගුරුතුමා කසාද බැන්දෙ අවුරුදු විස්සෙන්ලු.
මම දැන් අහනව.
1 පවුලෙ හතර දෙනාගෙ වයස් වෙන වෙනම කීයද?.
2 පලමු ළමය ඉපුදුනෙ, බැඳල අවුරුදු කීයෙන්ද?

වෙනද වගේ පිලිතුරත් සමග ඔයාලට හිතෙන දෙයක් ලියල යන්න. (හැමෝටම බලන්න පුලුවන් විදිහට.)

6 comments:

  1. තාත්තට 36යි
    අම්මට 30යි
    දුවට 9යි
    පුතාට 6යි

    අවුරුදු 7කට පස්සෙ......

    ReplyDelete
  2. හා පැටික්කිගෙ උත්තරය හරි.

    අපි අනිත් අයටත් අවස්තාව දෙමු. මම හිතන හැටියට ඔක්කම හරි පිලිතුරු සපයයි වගේ. බලමුකො. . . .
    ස්තූතියි හා පැටික්කිට.

    ReplyDelete
  3. ‍x තාත්තාගෙ වයස
    y අම්මාගෙ වයස
    p පුතාගෙ වයස
    q දුවගෙ වයස

    x = 6 p
    x = 4 q
    y = 5 p

    ‍p/2 = q /3

    x/6 = y/5 = p

    p / 2 = q /3 = x /12 = y /10 = t

    තාත්තාගෙ වයස 20 වැඩි බව කියා තිබෙනවා.. 1 හැර අන් ඉලක්කම් ගැලපුනත් තාත්තාගෙ හා දුවගෙ වයස ත් තාත්තා කසාද බැන්ද වයසත් සැලකිමෙන්, මිනිසෙකු ගෙ ශක්තින් සැලකිමෙන්

    t = 3, 4 ගැලපෙන ව

    1 ,

    x = 36 , 48
    y = 30 , 40
    p = 6 , 8
    q = 9 , 12

    2. 9 , 16 කින්

    ReplyDelete
  4. ගුරුතුමාගේ වයස =a
    පුතාගේ වයස =b
    දුවගේ වසය =c
    බිරිදගේ වයස = d
    කසාද බැදලා පළවෙනි ළමයා ලැබීමට ගිය කාලය =t

    a=6b
    6=4c
    d=5b
    20+c+t=a

    a සදහා උපකල්පිත අගයක් යොදා ඉහත සමීකරණ 4 විසදීමෙන්
    (මම a=36 ලෙස ගෙන ඇත)

    ගුරුතුමාගේ වයස = a = 36
    පුතාගේ වයස = b = 6
    දුවගේ වසය = c = 9
    බිරිදගේ වයස = d = 30
    කසාද බැදලා පළවෙනි ළමයා ලැබීමට ගිය කාලය = t = 7

    නමුත් (a/4)<a වන පරිදි a සදහා අගයන් අනන්ත සංබ්‍යාවක් ආදේශ කරගනිමින් නිවැරදි පිළිතුරු අනන්ත සංඛ්‍යාවක් ලැබෙන බැවින් පිළිතුරු නියත වශයෙන් ලබා ගැනීමට තවක් එක් දත්තයක් හෝ ගැටලුව තුල ලබා දිය යුතුවේ.

    ReplyDelete
  5. ගුරුතුමාට 36, බිරිඳට 30, දුවට 9, පුතාට 6

    ළමය ඉපදුනේ බැඳල අවුරුදු 7කින් (ගුරුතුමාට 27 උනාම)

    ReplyDelete
  6. එල, එල,. කට්ටිය ලස්සනට ගාන හදල තියනව.

    රවා, ඔයාගෙ මුලින් සටහන් කල වයස් කාන්ඩ තමා මම බලාපොරොත්තු උනෙ. මොකද ඒක තමා මනුෂ්‍ය ජීවිත රටාවට ගොඩක්ම ගැලපෙන්නෙ. ඒත් දෙවෙනි උත්තරයට 9 නෙමේ 7 එන්න ඕන.

    ලහිරු ඔයා හරි. පිලිතුරු අනන්ත සංඛ්‍යාවක් ගන්න පුලුවන්. ඒත් ඔයා දීල තියන පිලිතුර තමා වඩාත්ම නිවැරදි. මොකද රවාට කිව්ව වගේ මනුෂ්‍ය ජීවිත රටාවට ගොඩක්ම ගැලපෙන්නෙ ඒක.

    තිලිනත් හරි උත්තරය දීල තියනව. ඔයාටත්, රවාටත්, ලහිරුටත්, ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.