එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/04/2011

කුරුමිණියෙක් පිට හෑරුවත් නොසෙල්වී ක්‍රිස්තු චරිතය රඟපෑ ඔහු.

මෙම සිදුවීම මීට වසර 40කටත්, 50කටත් අතර සිදුවීමකි. ඔහු නමින් මලකියස් පෙරේරා. ඒ කාලෙ බොරලැස්ස කියන ගමේ පාස්කු පෙන්නල තියනව. මේ කියන කෙනා තමයි ජේසුගෙ චරිතය රඟපාල තියෙන්නෙ. ඉතින් මේ සිද්දිය උන අවුරුද්දෙ මෙයා කුරුසෙ ඇන ගහන හරිය රඟපාද්දි චරිතයට නොගැලපෙන විදිහට මෙයාගෙ සෙලවීමක් දැක්ක පුහුණුකරු යට ඉඳල සෙනගට නොපෙනෙන්න මෙයාට තුවක්කුව (උකුත් වෙන වෙලාවෙ උඩට වෙඩි තියන තුවක්කුව ) දික්කරල "හෙල්ලුනොත් වෙඩි තියනව " කියල තියනව.
ඒ බයට හරි එයාගෙ චරිතය හරියට කරන්න ඕන කියල හිතිල හරි, මෙයා නොසෙල්වී ඉඳල. කතෝලික අයනම් දන්නව, ඒ චරිතයෙ ඒ අවස්තාව සෑහෙන වෙලාවක් කරන්න වෙනව. කොහොම හරි මේ දර්ශණය ඉවර වෙලා මෙයාව කුරුසයෙන් බාල බලනකොට පිටේ ලොකු තුවාලයක් තිබිල. ඒකට හේතුව තමයි පිටේ කුරුමිණියෙක් ඉඳල තියනව. ඒකට තමයි මෙයා දඟලන්න හදල තියෙන්නෙ.


කතාවක් කිව්වට මට අවශ්‍ය කරන තැනට ආවෙ දැනුයි. මෙයා මගෙ ලොකු තාත්ත. ඒ කියන්නෙ මගෙ අම්මගෙ තාත්ත. ඔන්න මම දැන් ආව ඔයාල දකින මේ පරණ ෆොටෝ එකට. මෙහි ඉන්නෙ මමයි, මගෙ අම්මයි, මගෙ ලොකු තාත්තයි. මේ කතාවෙ වැඩි විස්තර දන්න, හෝ මේ සම්බන්දව යමක් දන්න කෙනෙක් ඉන්නවනම් ලියන්න. ඊට අමතර ඔබේ අදහසුත් පලකරන්න අවස්තාව තියනව. මෙය කියවූ ඔබ සැම දෙනාටම ස්තූතියි.

9 comments:

  1. මම කිව්වේ ඒකනෙ බයිබලෙත් තියෙන්නෙ ඔය වගේ ගොන් පාට්. කුරුමිණි කොහෙද බන් පිටවල් හාරන්නෙ. ඌ බැකෝ එකක්ද?

    අපි නම් ඔය මරිය මව්තමි අදහන්නෙ. ඒකනෙ...

    ReplyDelete
  2. @ නමක් නැති ඔබ
    ස්තූතියි අදහස් පලකලාට. හැබැයි ඔයාගෙ නම සඳහන් නොකල එක තමා ප්‍රස්ණෙ. :n

    ReplyDelete
  3. mage amma oya kathawa mata kiyala tiyenawa man podi kaledi. aththatama e udara pudgalayawa daka ganna labunu eka loku sathutak.

    ReplyDelete
  4. tawa deyak kiyanna thiyenawa, oyawa adahryamath karanna mulin coment dapu moda minissun gana wadiya hithanna epa. oya oyage gamana yanna mithraya. api balan innawa oya liyanakal. oyata jesu pihitai.

    ReplyDelete
  5. මමත් අල්ලපු ගමේ නිසා ඔය ගැන කීප වතාවක්ම අහලා තියනවා...

    ReplyDelete
  6. @ ෂා බබා.
    ඔයාට ගොඩක් ස්තූතියි මාව දිරිමත් කලාට. මම දෙවියන් වහන්සෙ කරේ ලොකු විස්වාසයකින් බක්තියකින් ජීවත් වෙනව. ඒ එක්කම යහපත් ජීවිතයක් ගත කරන්න උත්සහ කරනව.

    ReplyDelete
  7. @ දිලාන්.
    ඔයාටත් ස්තූතියි අදහස් පලකලාට.

    ReplyDelete
  8. නොදැන හිටි කෙනෙක් නොදැන හිටි චරිතයක් මුනගස්වූවාට ස්තිතියි

    ReplyDelete
  9. @ ඕල් ඉන් වන්.
    ඔයාගෙ අදහස් පලකිරීම ගන මගෙනුත් ස්තූතිය.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.