එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/02/2010

ගණිතමය ගැටලුව 19

මම වීජ ගණිතය පොතක් කියවද්දි ඒකෙ තිබුන, ගැටලුවක් දැක්කහම, මම කුඩා කාලෙ අහපු මෙම ගැටලුව මට මතක් වුනා. මම මෙහි ගැටලුවට අදාල කතාව වෙනස් කලාට ගැටලුව හරි.

මේකයි ප්‍රශ්ණය. ඔන්න එකමත් එක කාලෙක, එක පලාතක, පලාත පාලනය කරන රජකෙනෙක් හිටිය. ඒ රජ්ජුරුවන්ට තමන්ගෙ යුද සේනාව තරකර ගන්න හිතුනා. ඒකට හේතුව තමයි, ලඟ රටවල් වලින් එල්ල වෙච්ච යුද තර්ජන. ඉතින් මෙයා මහ ඇමතිට කතා කරල කියනව, "මා ගාව රුපියල් 100 ක් තියනව, මේකට මට අලි, අශ්වයො, බූරුවො යන සතුන් 100 යක් අරගෙන එන්න" කියල. ඉතින් මහ ඇමති ගමේ තියන ප්‍රසිද්ද ගොවි පලට ගොස්, අලියෙක් රු. 5.00 ගානෙද, අශ්වයෙක් රු. 1.00 ගානෙද, බූරුවෙක් රු. 0.05 ගානෙද, රුපියල් 100.00 ටම සත්තු 100 ක් මිලට ගත්ත. මහ ඇමති මිලට ගත්තේ
අලි කීයද?
අශ්වයො කීයද?
බූරුවො කීයද?
රජ තුමාට හොඳටම කේන්ති ගියා. ඒ ඇයි?

හරි දැන් ඔයාලට පැහැදිලි ඇතිනෙ? පිලිතුරත් සමග ගුණ දොස් කියල යන්න.

2 comments:

  1. රු:0.05 ද නැත්නම් රු:0.50 ද?

    ReplyDelete
  2. අලි 19යි
    අශ්වයො 1යි
    බූරුවො 80.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.