එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/20/2010

දැනුම හා විනෝදය ගෙනදෙන ක්‍රීඩාවක්.

බිත්තර හැඩැති ජ්‍යාමිතික ක්‍රීඩාව.

ඔන්න අද මම අලුත් දෙයක් ඔයාලට අරගෙන ආව. මේක මම නිර්මාණය කල දෙයක්නම් නෙමේ. මම කලේ පරිවර්තනය කල එක පමනයි. මම හිතනව මේක 10, 11 වසර වල ඉගන ගන්න අයට ගොඩක් වැදගත් වෙයි කියල. එහෙනම්...... ක්‍රීඩාව කරල බලන්න. එයින් ඔබට සතුටක් ලබේනම්, මගෙ සතුටත් එයමයි.

පලමුව ඉපදුනේ කුකුළු පැටවද, බිත්තරයද?


uovo gallina

ක්‍රීඩාවට අදාල බිත්තරයේ රූප සටහනක්.

පහතින් අති රූප සටහනේ ඡායා පිටපතක් ලබාගෙන, එය කාඩ් බෝඩ් එකක් මත අලවා, ඉරි දිගේ කෑලි 9 කට කපා ගන්න. එම කෑලි වලින් කුකුළු පැටවෙකු හෝ වනත් ඔබ කැමති කුරුල්ලෙක් සදා ගන්න. ඉරියව් වනස් කරමින් කුරුළු රූප කීයක් සෑදිය හකිද?

Uovo


බිත්තර හැඩයක් ඇඳගන්නේ කොහොමද?


Dissezione ovolo


රූප සටහන 1.

O කේන්ද්‍රයද, OA =5cm ද, අරය ලෙස ගෙන, ACBD වෘතය නිර්මාණය කරන්න.

AC ද, BC ද, යාකර, ඒවා රූප සටහනේ පරිදි C සිට තව දුරටත් දික් කරන්න.

AB ද, CD ද, යාකරන්න.

රූප සටහන 2.

AB අරය ලෙස ගෙන, B කේන්ද්‍රය ලෙසද ගෙන, AE නිර්මානය කරන්න.

එලෙසම AB අරය ලෙස ගෙන,A කේන්ද්‍රය ලෙසද ගෙන,BF නිර්මානය කරන්න.

රූප සටහන 3.

CE=CF අරය ලෙස ගෙන, C කේන්ද්‍රය ලෙසද ගෙන, EF නිර්මානය කරන්න.

රූප සටහන 4.

පැහදිලිව පෙනෙන සේ ADB, BF, FE, EA නැවත නැවත ඇඳගන්න.

පහත රූප සටහන පරිදි, කඩ ඉරි දිගේ කැපුවොත් එක සමාන කෑලි දෙකක් ලැබිය යුතුයි.


Ovolo


ක්‍රීඩාවට අදාල හැඩය නිර්මාණය කරන්නෙ කොහොමද?


Dissezione ovolo

AB ට ලම්බක වන සේ EH හා FK අඳින්න.

AF ට සමාන්තරව MK ද, BE ට සමාන්තරව MH ද, අඳින්න.

වැද්ගත්,AH=HM=MK=KB=CE=CF විය යුතුය.

උදාහරන කීපයක්.


Esempi


.


Soluzioni

2 comments:

  1. You said that you have a Math-craze, try this one.

    "You have a small store and you were given a balance (තැටි තරාදියක්), which you have to use to weigh stuff up to 40 Kgs. Assuming that you are NOT going to measure fractions of a kilogram (i.e. 100g, 250g, 500g), what is the minimum number of balancing-weights (පඩි) required and what are the weights of the balancing-weights"

    ReplyDelete
  2. එස්. එල්. ට, ඔයාගෙ ගනිත ගැටලුව මට පැහැදිලි මදි. ඊට හේතුව මගෙ ඉංග්‍රීසි දැනුම මදි කමයි. පුලුවන්නම් සිංහලෙන් ඉදිරිපත් කරන්න. ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.