එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/02/2010

ගනිතමය ගැටලුව 15

මම අදත් ගනිත ගෙටලුවක් අරගෙන ඔයාල හමුවට ආව ඕං. මේකයි වැඩේ, මගෙ ලිපි වලට එන්න එන්නම ප්‍රතිචාර අඩුවේගන යනව. මම හිතනව ඒක මගෙ අඩුපාඩුවක් වෙන්න ඇති කියල. එහෙම අඩුපාඩුවක් තියනවනම්, කරුණා කරල කවුරුහරි මට ඒක පෙන්නල දෙන්න. එතකොට මට ඒක හදාගන්න පුලුවන්.
මේකයි ගැටලුව. එක වෙලඳාමෙ යන ගෑණු කෙනෙක් බිත්තර තොගයකුත් අරගෙන වෙලඳාමෙ යනව. මෙයා ගෙයින් ගෙට ගොස් තමයි වෙලඳාම් කරන්නෙ. ඔන්න මෙයා පලවෙනි ගෙදරට යනව. ඒයා ගෙනිච්ච බිත්තර තොගය, හරියටම තුනට බෙදල පංගුවකුත්, තව එක බිත්තරයකුත් දෙනව. දැන් මෙයා දෙවෙනි ගෙදරට යනව. ඉතිරි බිත්තර තොගය තුනට බෙදනව. (ඒකක් ඉතිරි වෙනව. ඒක පැත්තකින් තියාගන්නව, ගෙදර ගෙනියන්න.) එයින් පංගුවකුත්, තව බිත්තර දෙකකුත්, ඒ ගෙදරට දෙනව. දැන් තුන්වන ගෙදරට යනව. නැවතත් ඉතිරි බිත්තර තොනය තුනට බෙදල, පංගුවකුත්, තව බිත්තර තුනකුත් ඒ ගෙදරටත් දෙනව. දැන් මෙයාට එක බිත්තරයයි ඉතුරු වෙන්නෙ. කොහොම නමුත් මෙයා බිත්තර දෙකක් ගෙදර ගෙනියනව. (මුලින් ගෙදර ගෙනියන්න ඉතිරි කරගත් බිත්තරයත් සමග.) මම අහන්නෙ මෙයා බිත්තර කීයක් වෙලඳාමෙ ගෙනිච්චද?

කරුණා කරල අඩුපඩු තියනවනම් පෙන්නල දෙන්න.

4 comments:

  1. ගැහැණු කෙනා වෙළදාමට ගෙනා මුලු බිත්තර ගණන 21 යි.

    ReplyDelete
  2. සජිත්, අපි අනිතයටත් අවස්තාව දෙමු නේද?

    ReplyDelete
  3. ගනේෂ්, ස්තූතියි පිලිතුරු ලිව්වට. අපි බලමු ත්ව ටිකක්.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.