එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/09/2010

ඉලක්කමක් තවත් ඉලක්කමකින් ගුන කිරීමට යොදාගතහැකි ක්‍රමයක්.


මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ, රූපයෙ පරිදි 14 x 23 = 448 වෙනත් ක්‍රමයකට ගන්නෙ කොහොමද කියලයි.
(මෙය කියවන ගමන් රූපය බලන්න.)
දැන් 1 වෙනුවට හරහට ඉරක් ඇඳ ඇත. 4 වෙනුවට හරහට ඉරි 4ක් ඇඳ ඇත. 2 වෙනුවට පහලට ඉරි 2ක් ඇඳ ඇත. 3 වෙනුවට පහලට ඉරි 3ක් ඇඳ ඇත. මෙම ඉරි එකකට එකක් කැපෙන තැන් කොලපාට රවුම් වලින් මාක් කර ඇත.
දැන් ගාන හදමු. හරහට ඉරි 4ත් පහලට ඉරි 2ත් 8 පොලකින් කැපෙනව.
ඒ කියන්නෙ උත්තරේ අන්තිම ඉලක්කම 8 යි. දැන් හරහට ඉරත්, පහලට ඉරි 2ත් දෙපොලකින්ද, හරහට ඉරි 4 ත්, පහලට ඉරි 3 ත් 12ස් පලකින්ද කැපෙනව. එහි එකතුව 14 කි. ඉලක්කම් දෙකක් එකවර දැමීමට නොහැකි නිසා, පිලිතුරේ දෙවන ඉලක්කමට 4 දානව. දැන් හරහට ඉරත් පහලට ඉරි 3 ත් 3න් පලකින් කැපෙනව. ඉහත 14න් 1ත්, මෙම 3නේ ඉලක්කමත් එකතු කිරීමෙන් පිලිතුරේ පලමු ඉලක්කම 4 කි.
ඔබට දැන් පැහැදිලි ඇති කොහොමද වෙන්නෙ කියල.
වෙනත් ඉලක්කම් දෙකක් මේ ආකාරයට ගුනකර පිලිතුරු ලබාගන්න බලන්න.
නිකම්ම යන්න එපා. හොඳ නරක කියල යන්න හොඳේ.

7 comments:

  1. good method and innovative
    by the way i do it as follows;
    4*2=8 put 8 as the last digit
    4*3+2*1=14...put the 4 as middle digit
    1*3+1(remaining 1 from 14)=4 is the first digit..
    I think your method is a graphical representation of what i m doing ....any way i can not remember ..from where did i learn this method...

    ReplyDelete
  2. යසේල මාව අමාරුවෙ දැම්ම නේද? කමක් නෑ මට ඉංග්‍රීසි දන්නෙ නෑ කියල ඔයා දන්නෙ නෑනෙ. නමුත් පුංචි අවබෝදයක් ආව.

    ReplyDelete
  3. මකරා මේක ගැන වීඩියෝ එකකුත් දාලා කියලා තිබ්බා බලන්නකෝ
    http://status-chanaka.blogspot.com/2009/10/blog-post.html

    ReplyDelete
  4. යසිතට.

    ඔයා කිව්ව විදිහට, ඒ වීඩියෝ එක මම යූ ටියුබි එකේ බලල තියනව. මම උපුටා ගත්තෙ ඒකෙන්. ඒත් මකරගෙ රජ දහනෙන්නම් නෙමේ.

    ReplyDelete
  5. අයියෝ නැහැ. මම එහෙම අදහසකින් නෙමෙයි එහෙම කිව්වේ. වීඩියෝ එක බැලුවහම වඩාත් හොඳින් ඔය වැඩේ තේරුම් ගන්න පුලුවන් වෙන නිසායි මම එහෙම කලේ

    ReplyDelete
  6. හසිත සමාවෙන්න ඕන හිත රිදුනනම්. මගෙ අනන්‍යතාවය පෙන්නන්න නිසයි එහෙම ලිව්වෙ. ඔයා කිව්ව විදිහට ඒ වීඩියෝ එකෙන් ගොඩක් පැහැදිලි වෙනව.

    ReplyDelete
  7. ඇත්තටම මටත් කණගාටුයි ඒකෙන් ඔයාට හිත් රිදීමක් වුණා නම්........... :) :) :)

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.