එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/08/2010

අකුරු දෙකක කවියක්

වැල්ලව වැවේ වේවැල් වල වවුල්ලු
වැව් වල වේලි වල වල් වල ලූල්ලු
වැල්ලව වැවේ වී ලෑවේ වාල්ලූ
වැල්ලව වලව්වේ ලී ලෝලු ලෑලිලු

මම හිතන්නෙ ඔයාල සමහර විට අහල ඇති මේ කවිය. මේක මම ඇහැව්වෙ පොඩි කලෙ.
මේ කවිය ගැන අපි අපේ අදහස් බෙදා ගමු. කැමති කෙනෙකුට කැමති අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්.

10 comments:

  1. අනේ මම නම් ඇහැව්වේ අදම තමයි ... නියමයි

    හරියට නාන්න නන් නාන්න නොනා වගේ ...

    ReplyDelete
  2. මමත් අදමයි දැක්කේ..........නියමෙට වචනත් ගැලපෙනවා.

    ReplyDelete
  3. වැප්ටත්, නිමේෂ්ටත් ස්තූතියි අදහස් දැක් වූවට. ඔයාල බලල නැත්නම් බලන්න, අලි උපත; කැලැන්ඩරයට උඩින්.

    ReplyDelete
  4. මමත් අදමයි ඇහුවේ. නියමයිනෙ.

    ReplyDelete
  5. හා පැටික්කි සිස්සත්වෙට කලින් කරපු practice paper එකක තිබ්බ වගේ හීනි මතකයක් තියෙනව..... ආයේ මතක් කරල දුන්නට ස්තූත්යි අයියේ.....

    ReplyDelete
  6. රවීන්ට, හසිතට හා හා පැටික්කිට

    ඔයාල මොන ක්‍රමයකට හරි මම ඒ කවිය රසවිනදනම්, ඒක මගෙ සතුටට කාරනයක්. ස්තූතියි ඔයාලට.
    රවීන්ට පොඩි දෙයක් කියන්න තියනව. බිගුව ඔයාට ඇයි මහ කපුට කියන්නෙ. ඉමේජ් එක කපුටෙක් නිසාද?

    ReplyDelete
  7. නිවැරදි කිරීමක්
    රවීන්ට, හසිතට හා හා පැටික්කිට

    ඔයාල මොන ක්‍රමයකට හරි මගෙ ඒ කවිය රසවින්දනම්, ඒක මගෙ සතුටට කාරනයක්. ස්තූතියි ඔයාලට.

    ReplyDelete
  8. වරක් දෙකක් අහල තිබුනට කිවිය මතක තිබුණෙ නෑ. අපි රස වින්දා ලියන තරමක් කියවන්නම්. ලියන්න.

    ReplyDelete
  9. දයියාට

    ඔයා කියන තරම්ම මට ලියන්න මම වැඩකාරයෙක් නෙමේ. නමුත් පුලුවන් හැටියකට ලියනව. ස්තූතියි දයියට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.