එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/30/2010

ගනිතමය ගැටල්ව 14

මේකයි ගැටලුව; මට මේ ලගදි මගෙ යාළුවෙක් මුන ගැහුන. එයා වැඩ කරන්නෙ එලවළු, පලතුරු කඩේක. ඒ කඩේ තොග බඩු කඩයක්. එලවළු පලතුරු පෙට්ටි ගනන් විකුනන්නෙ. ඉතින් මගෙ යාළුවත් වැඩ ඇරිල ගෙදර යන ගමන් පලතුරු, එලවළු කෙස් අඩුවට අරගෙන ගිහින්, අපේ අයට විකුනනව. (මම මේ කියන්නෙ ඉතාලියෙ වෙරෝන නගරය ගැන.) දවසක් මෙයා, ඇපල් දුසිමක පෙට්ටියක් එවුරො 2.40 බගින්ද, දොඩම් දුසිමක පෙට්ටියක් එවුරො 3.00 බැගින්ද, ඇපල් හා දොඩම් එවුරො 14.00 කට මිලට ගෙන තියනව. ඒවා ඔහු ඇපල් ගෙඩිය සත (චෙන්තේසිමි ) 30 බැගින්ද, දොඩම් ගෙඩිය සත (චෙන්තේසිමි ) 40 බැගින්ද, අපේ අයට විකිනීමෙන් එවුරො 7.60 ක ලාභයක් අරගෙන තියනව.

දැන් මගේ ප්‍රශ්ණය අහනව.
ඔහු මිලදීගත් දොඩම් හා ඇපල් ප්‍රමාණය කොපමනද?
ඔයාල දන්නවනෙ, වෙනද වගේම පිලිතුර සමග ඔයාලට කැමති දෙයක් ලියල යන්න.

2 comments:

  1. if number of apples is x
    if number of oranges is y
    Then

    .20x + .25y = 14
    .30x + .40y = 14 + 7.60 = 21.60

    x = 40 (Number of apples)
    y = 24 (Number of oranges)

    ReplyDelete
  2. දිනේෂ් ඔබගේ පිලිතුර නිවැරදියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.