එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/26/2010

ගනිතමය ගැටලුව 13

මම අද ඉදිරිපත් කරන්න යන්නෙ. මගෙ යාළුවෙකුට වුන කරදරයක් සම්බන්දවයි.
මේකයි වුනේ. යාළුවගෙ ගේ හදල තියෙන්නෙ, හතරමං හන්දියක, ඉඩමෙ දෙපැත්තකටම පාරවල් එන විදිහට , සෘජු කෝණාස්‍ර ඉඩමක. ඉතින් දවසක් ,රජයෙන් පාරවල් පළල් කරන්න යනව කියල; ඉඩමෙ පාරට අහුවෙන පැති දෙකෙන්ම මීටර් 2 ගානෙ රජයට ගන්නව කියල, එය වර්ග මීටර් 96 ක් ලෙස ගණන් හදල තිබුන. ඒකට අලාභය ගෙවනවකියලත් තිබුන. කොහොම හරි එයා උසාවිගානෙ ගිහින් උසාවියෙන් නියෝගයක් ලැබුන. එයාගෙ ඉඩමට යාව තියන ඉඩම් රජයෙ. ඒ ඉඩම් වලින්, යාළුවගෙ ඉඩමෙ පාරවල් වලට අසු නොවන අනිත් පැති දෙකෙන් පළල පැත්ත මීටර් 3 ක්ද, දිග පැත්ත මීටර් 4 ක්ද, ගානෙ ඉඩමට යාකරන්න. ඒක එයාගෙ තිබුන ඉඩමෙ වර්ග පලයට වඩා, වර්ග මීටර් 72 ක් වැඩියි. කොහොම හරි අකරතැබ්බිය වාසියට හැරුන.

මේකයි මගෙ ප්‍රශ්ණය. ඔහුගේ මුලින් තිබූ ඉඩමේ දිග පළල කීයද?

මෙහි ඔබට නොතේරෙන යමක් තියනවනම් එයද? වෙනදාමෙන් ඔබලට කැමති දෙයක්ද මෙහි ලියා යන්න. ස්තූතියි.

6 comments:

  1. මට හිතෙන විදිහටනම් මීටර් 25.
    මේකෙ උත්තරේ හොයන්න "මීටර් 2 ගානෙ රජයට ගන්නව කියල, එය වර්ග මීටර් 96 ක්" ඛියන තනට විතරක් තිමුනහම ඇත් නේද.නැත්තං වෙන ට්‍රික් එකක් තියෙනවද?

    ReplyDelete
  2. මතක මංපෙතට,
    ඔයා කොහොම ගාන හැදුවද මන්ද?
    මට ඔයාල හැමෝම සමාවෙන්න ඕන ඒ ගානෙ ලොකු අඩු පාඩුවක් තිබිල මම ඒක හදුව.

    මතක මංපෙත, ඔයා මට සමාවෙන්න ඕන. ආයෙ ට්‍රයි කරල බලන්න.

    ReplyDelete
  3. මිටර් 20 සහ මීටර් 30 නේද

    ReplyDelete
  4. මීටර් 20 සහ මීටර් 30 නේද

    ReplyDelete
  5. 2y + 2(x-2) = 96
    x + y = 50 ---------> A

    (x - 2 + 3)( y - 2 + 4) = xy + 72

    y + 2x = 70 ----------> B

    A හා B විසඳිමෙන්...

    x = 20
    y = 30
    ===========================

    ReplyDelete
  6. මංපෙත, ස්තූතියි ඔයාට නැවත වතාවක් ට්‍රයි කරල ගාන හැදුවට.

    ෂහ්; රවා හොද ගනන් කාරයෙක් වගේ. මම දාන හැම ගැටලුවම, ඔයා පැහැදිලිව හදනව. ස්තූතියි ඔයාට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.