එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/19/2010

ගනිතමය ගැටලුව 10


අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ ටිකක් වෙනස් ගැටලුවක්.
ඔයාලට පේනව ඇති මේ රෑපයෙ කොටු නමයක් තියනව. එම කොටු වලට 1 සිට 9 දක්වා ඉලක්කම් නමයක්, හරහට එකතු කලත් (උදා‍;1A+1B+1C=15), පහලට එකතු කලත්(උදා‍;1A+2A+3A=15), මුල්ලෙන් මුල්ලට එකතු කලත්(උදා‍;1A+2B+3C=15), එකතුව 15 එන විදිහට යොදන්න ඕන. හබැයි එක ඉලක්කම දෙපලක එන්නෙ නැති විදිහට ඉලක්කම් නමයම යොදන්නත් ඕන. මෙහි පිලිතුරු 1A=1,1B=8 1C=6 ආදී ලෙස සදහන් කල යුතුයි. ඔයාලට දැන් වටහෙනව අති කියල මම හිතනව.
මෙහි ප්ලිතුරුත්, ගැටලුවක් තියනවනම් ඒවාත් සටහන් කර යන්න. අනික තමයි, මගෙ වැරදිත් පෙන්නල යන්න. වැරැද්ද පෙන්නල දුන්නහම තමයි මට ඒක හදාගන්න පුලුවන්. ස්තූතියි.

5 comments:

  1. 6 7 2
    1 5 9
    8 3 4

    බලන්න හරි නෙද...

    ReplyDelete
  2. රවා ඔයාගෙ උත්තරය හරි. කමෙන්ට් මොඩරේෂන් දාල තියෙන්නෙ පස්සෙ බලමු. ස්තූතියි.

    ReplyDelete
  3. 1A+1B+1C=15
    2A+2B+2C=15
    3A+3B+3C=15
    1A+2A+3A=15
    1B+2B+3B=15
    1C+2C+3C=15
    1A+2B+3C=15
    3A+2B+1C=15
    ඉහත සමගාමි සමීකරණ 8 නිෂ්චායක භාවිතයෙන් හෝ වෙන විදියකට විසදලා කොටු 8කට අදාල ඉලක්කම් ලබා ගන්න පුලුවන්.9 වෙනි කොටුවට උත්තරේ වෙන්නේ 1-9 දක්වා සංබ්‍යා වලින් පිළිතුරැ වශයෙන් නොලැබුන ඉලක්කම

    මිට වඩා කෙටි විදිහක් තියනවානම් කියලා දෙන්න

    ReplyDelete
  4. ලහිරුට,

    මම මේ ගාන සමීකරන දාල හදන්න නම් දන්නෙ නෑ. මේක මම හැදුවෙ මනෝමෙන්. කවුරුහරි ඉන්නවනම් සමීකරනයකින් මෙයට පිලිතුරු දෙන්න, අපි අවස්තාව දෙමු නේද? උත්තරයනම් දැම්ම කියන්න බෑ. ස්තූතියි ලහිරුට.

    ReplyDelete
  5. මම කලෙ ලොකු ඉලක්කම් තුන එකිනෙකාට හම්බ වෙන්නෙ නැතිවෙන්න තියා ගත්තා.. පෙලිවල,තිරු වල එකතුව හරියන විදියට...

    6 7 2
    8 3 4
    1 5 9

    ඉට පස්සෙ අන්තිම පොලිම් දෙක මාරු කරපු ගමන් උත්තරෙ..

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.