එම්.පී.3 අහන්න මෙතනින් යන්න

3/09/2011

"දෙපා ළඟ" වැටීලා වඳිමු දන නමා.


දෙපා ළඟ තබාලා පස් පියුම් නෙලා
මෑණියන් පුදාලා පහන් දල්වලා
ඇයට ඇස යොමාලා මෑණියේ කියා
දේව මව් තුරුල්ලේ පහස යමු සොයා


සුවඳ මල් නෙලාලා සුවඳ දිය හලා
මල් පැලක් තනාලා රන් රිදී තලා
පුදසුනක් තනාලා මල් පැලේ තියා
දෝතදී පුදාලා වඳිමු ගී ගයා


වඳිමි දුම් පුදාලා වඳිමි හිස නමා
කැකුළු වැල් සදාලා ගෙල වටේ දමා
වඳිමි මම කියාලා වඳිමි මල් තියා
වඳිමි දන නමාලා හදේ නම ලියා

No comments:

Post a Comment

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.